10% OFF
Eliwenawa nodane-එලිවෙනවා නොදැනේ
රු810.00
කපටිකම හා කෛරාටිකකම හුදෙක් මනුෂ්‍යයින් අතළොස්සක් පමණක් උපතින් උරුම කොට ගත්තක් ද? නොඑසේ නම් රැවටිලිකාර සීමිත සමාජ රටාවක් තුළ සිරගත වුනු තත්වයක් යටතේ දිවි පෙවත ගෙන යාමේ ප්‍රශ්නයට තම තමන්ගේ දැනුවත්කම් හා නොදැනුවත්කම් අනුව මුහුණ දීමේදී මතුවන සාමාන්‍ය ස්වභාවයක් ද? “එළිවෙනවා නොදැනේ” නවකතාව මගින් විශ්ලේෂණය කෙරෙන්නේ මූලික වශයෙන් මෙම ප්රශ්නයයි. නිර්මල වූ ගම හෝ පිරිහුණු නගරය හෝ පිළිබඳ පූර්ව නිගමනාත්මක ඊනියා සංකල්පයන් කර පින්නා නොගෙන යථා තත්වය යථා පරිදි ගවේෂණය කිරීමට තැත් කරන මම යථාර්ථවාදී නවකතාව වත්මන් සමාජ අර්බුදය දෙස නිරීක්ෂණාත්මක බැල්මක්ද හෙළයි. උඩරට ගැමි ජීවිතය පසුබිම් කර ගෙන ලියන ලද මෙහි බස එම ජීවමාන පරිසරය තුළින්ම සකස් කර ගන්නා ලද භාෂා රටාවකින්ද යුක්තය.









Reviews
There are no reviews yet.