Ekthara prema kathawak – එක්තරා ප්‍රේම කතාවක්
රු550.00 රු495.00
වෘත්තිය සමිති නායකයෙකු, සමාජ ක්‍රියාකාරිකයකු හා නීතිඥවරයකු ලෙස ප්‍රසිද්ධ එච්.ඒ සෙනෙවිරත්නයන් සිය සාහිත්‍ය සේවනයේදීද දුටුවේ පීඩිත පන්තියේ ප්‍රශ්නයි. ඔහු වෘත්තීය ජීවිතයේදීත් සාහිත්‍යකරණයේදීත් ඔවුන් වෙනුවෙන් හඬක් නැගීය.
නවකතාව, කෙටිකතාව පමණක් නොව සිනමාවද ඔහුගේ ප්රශස්ත හැකියාවන් උකහා ගති. 70 දසකයේ කෙටිකතා කරණයේ නවමානයන් සොයා ගිය කෙටිකතාකරුවන් අතර එච්.ඒ ට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් ‘නවකතාව යට යයි කෙටිකතාව මතුවෙයි’ යනුවෙන් පුවත්පතකට ලිපියක් සම්පාදනය කළේ ද මෙසමයෙහිය.
1974 දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස රාජ්‍ය සම්මාන දිනූ එක්තරා ප්‍රේම කතාවක්’ හී එන පරණ සොල්දාදුවා’ නම් කතාව පසුව ‘සොල්දාදු උන්නැහේ’ නමින් සිනමාවටද නැගිණි.
මෙහි එන කෙටිකතා අට නිර්මාණයේදී ඔහු භාෂා ශෛලිය භාවිතයේදී හා චරිත ගොඩනැගීමේදී විවිධ අත්හදා බැලීම් කර ඇත. එක්තරා ප්‍රේම කතාවක්’ හී නව මුද්‍රණයක් දසක කීපයකට පසු එළිදැක්වීමට සූදානම්ව තිබියදී කලක් රෝගාතුරව සිටි මේ අදීන ලේඛකයා ජීවිතයෙන්ද සමුගති.
Related products
-
10% OFFRead more

Out of stock
-
10% OFF

Out of stock
Read moreShreshta lekakayange wishishta keti katha-ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා
කෙටිකතාරු650.00රු585.00 - Add to cart
- Add to cart






Reviews
There are no reviews yet.