Keheli.lk

10% OFF

Edan Uyane Altharaya – ඒදන් උයනේ අල්තාරය

රු2,115.00

2003 වර්ෂය බැග්ඩෑඩයේ ඇදවැටීම…

ආයුධ සන්නද්ධ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවන නගරයේ සත්වෝද්‍යානයේ ඇති රහසිගත භූගත විද්‍යාගාරයක්, දරුණු සටන් සහ වෙඩි ප්‍රහාර මධ්‍යයේ කොල්ලකෑමට ලක් වේ.එතුළින් ලොවට මුදාහැරෙන්නේ අති බිහිසුණු රහසකි.

සත් වසරකට පසුව…

දරුණු සුළි කුණාටුවක් මධ්‍යයේ මුහුදුබත් වී අමෙරිකානු වෙරළ තීරයට ගසා ගෙන එනු ලදුව අතහැර දැමූ, සත්ව ජාවාරම්කරුවන්ට අයත් යැයි සැලකෙන රහසිගත ට්‍රෝලර් යාත්‍රාවක්, ලුසියානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක වන ලෝනා පොල්ගේ විශේෂ විමර්ශනයට ලක් වේ. එතුළ වූ කූඩුවල රඳවා සිටියදී ඇයට හමුවන්නේ ඉතා දුර්ලභ සත්ව විශේෂ එකතුවකි. ඇයට එම සතුන් වෙතින් සිත් කලඹවාලනසුලු අන්දමේ විකෘති රැසක් දක්නට ලැබේ. උන් අතර පිහාටු රහිත ගිරවෙක්, එකිනෙකාට බද්ධ වූ වඳුරන් යුවළක් සහ පාද සහිත පිඹුරෙක්ද සිටී. එමෙන්ම, උන් සියලු දෙනාටම ඇදහිය නොහැකි තරමේ ඉහළ බුද්ධි මට්ටමක් ඇති බවද නිරීක්ෂණය වේ.
සියල්ල ඇරඹෙන්නේ, මුහුදුබත් වූ යාත්‍රාවෙන් අති බිහිසුණු මිනීමරු මෘගයෙක් පැනගොස් ඇති බව අනාවරණය වීමත් සමඟය.
තම සිත තුළ සදහටම වළලා දැමූ අඳුරු අතීතයක, අමිහිරි සහ ලේ වැකි අතීතානුස්මරණයන් රැසක කොටස්කරුවකු වන, එක්සත් ජනපද දේශසීමා ආරක්ෂක බලකායේ ඒජන්ත ජැක් මෙනාර්ඩ් සමඟින් එක්ව මෙම අසාමාන්‍ය නැව් බඩු තොගයේ මූලාරම්භය සහ එමඟින් ඇති විය හැකි බිහිසුණු ත්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳ සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහා එම පශු වෛද්‍යවරිය දරන්නේ ඉතා අසීරු වෑයමකි.
මානව වර්ගයාගේ පැරැණිතම මූලයන් දක්වා වූ අතීතයකට විහිද යන රහසක් හෙළි කරගැනීමට ඔවුන් දෙදෙනාට හැකි වේද?
ඒදන් උයනේ අල්තාරය මත ජනිත වීමට සැරසෙන, ලෝකයේ අනාගතයට පමණක් නොව, මනුෂ්‍යත්වයට පවා තර්ජනයක් විය හැකි ඒ අති බිහිසුණු නිර්මාණය වළකාලීමට ඔවුන් සමත් වනු ඇත්ද?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Edan Uyane Altharaya – ඒදන් උයනේ අල්තාරය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat