20% OFF
Duragiya tharamak – දුරගිය තරමක්
රු880.00
ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත්රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප්රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සාහ කළ බව ඔහුගේ සදාතනික පෙම්වතිය ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි.කාර්යාලයට තම කළමනාකාරිනිය මරා දැමූවෙකි.කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන් සිට කුමක් සිදුවිය හැකිද? නොසිතන සිදුවීමකින් සදාතනික ආදරයක් අවසන් වන්නේද?










Reviews
There are no reviews yet.