Dumriyen Pamini Dariwiya-දුම්රියෙන් පැමිණි දැරිවිය
රු1,912.50
යුද්ධය සෑම කල්හි ම ලොකු කුඩා කාටත් එක සේ බලපෑම් කරන ලදී. යුද්ධයෙන් දිනූවෙක් නැත කීවත් මෙම කතාවේ එන ග්‍රේට්ල් හට මුහුණ දීමට වූ අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ තම සිහින හඹා ගොස් ප්‍රීතිමත් දිවියකට පා තබන්නට වාසනාව හිමි විය. ඇයගේ උපත, ළමා කාලය, යොවුන් විය සහ මැදිවිය දක්වා විවිධ රටවල විවිධ ජාතීන්ගේ ආදරය, සෙනෙහස මෙන් ම වෛරය, කෝපය සහ ඊර්ෂයාවට ද බදුන් වෙමින් හැදී වැඩී ලේවල ඇත්තේ එකම පැහැයක් බව පසක් කර දෙයි.
මිනිසුන්ගේ කෲරත්වය අතීතයේ සිටම මේ දක්වා ම විවිධ මුහුණුවරින් වර්ධනය වන්නා සේ ම මිනිසුන්ගේ කරුණාව සහ ආදරය ද විවිධ මුහුණුවරින් ලොවට එක්වන්නේ සෑම කල්හිම සුදු මෙන් ම කළු චරිත ද ලොව පවතින බව පැහැදිලි කරමිනි. ලොවක් වනසන්නට කෙනෙකු සූදානම් වන මොහොතේම ලොවක් රැක ගන්නට බොහෝ දෙනා ඉදිරිපත් වීම සෑම කාලයකට ම පොදුය.
මේ ලොව ලස්සන කරන්න අවැසි වන්නේ වැරදි මත කර දරාගෙන එකිනෙකා විනාශ කර ගැනීමෙන් නොව ආදරය කරුණාව පැතිරවීමෙන් බව ග්‍රේට්ල් ස්චිමිඩ්ට් ගේ ජීවන අන්දරයෙන් චිත්රණය වේ.
Out of stock










Reviews
There are no reviews yet.