Keheli.lk

20% OFF

Dewana Loka Yuddaye Nasi Abirahas – දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්

රු800.00

දශක ගණනාවක විමර්ශනයකින් පසුව පවා තෙවන ජරිමානු රාජ්‍යය එහි සියලු රහස් වලින් කොටසක් තවමත් සඟවාගෙන සිටියි.

ඉතිහාසය විසින් ඉතිහාසයේ සිදු වූ සියල්ල වාර්තා කර ඇත. එහෙත් දෙවන ලෝක යුද්ධයේ ලේඛනගත ඉතිහාසයට යටින් කිසිදා සම්පූර්ණයෙන් ආලෝකමත් නොවූ අඳුරු සෙවනැලි ද ඇත. ඉතිහාසඥයන්, නිධන් සොරුන්, සහ කුමන්ත්‍රණ පිළිබඳව සොයා යන්නන් දිගින් දිගටම ප්‍රහේලිකා අතර සිර කර ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් සැබැවින්ම ඔහුගේ බංකරයේ දී සියදිවි නසා ගත්තා ද? නැතහොත් අතිශය ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද ගැලවීමේ මාර්ගයකින් පැන ගියා ද? නාසින් අත්පත් කරගෙන සිටි යුරෝපයේ කොල්ලකන ලද රත්‍රන්, කලා කෘති සහ ස්වර්ණාභරණ සහිත අතිවිශාල ධනයට කුමක් සිදු වූයේ ද? මෙම ධනය කාලයත් සමග අමතක ව ගිය උමං මාර්ගවල සැඟව තිබේද? එසේත් නැතහොත් නාසින් පමණක් දැන සිටි රහසිගත ස්ථානයක තවමත් සඟවා තබා තිබේද?

මෙව හුදු ජනප්‍රවාද නොවේ. ඒවා නාසි යුගයේ සිට පැවත එන තවමත් විසඳුමක් නොලැබූ ප්‍රහේලිකාය.

ඵෙතිහාසික වාර්තා, ඇසින් දුටු සාක්ෂි සහ දිගුකාලීන ව විවාදයට ලක් වූ න්‍යායන් මත පදනම් ව, මෙම කෘතිය ලියැවී ඇත. එහිදී බොහෝ කරුණු සාක්ෂි සහිතව හෙළිදරව් කරන අතරම, පහසු පිළිතුරක් ලබා නොදෙයි. පාඨකයන්ට තමන් දන්නා යැයි සිතෙන දේ ප්‍රශ්න කිරීමට ද අවස්ථාව ඇත.

අඳුරු අතීතයෙන් වැසී ගිය, සිත් ඇදගන්නා සුළු මෙම කෘතිය, සත්‍යය සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීම තවමත් ප්‍රතික්ෂේප කරන පාලන තන්ත්‍රයක අහිරහස් සොයා කළ ගවේෂණයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Dewana Loka Yuddaye Nasi Abirahas – දෙවන ලෝක යුද්ධයේ නාසි අභිරහස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat