Dewa kathalankaraya – දේව කථාලංකාරය
රු320.00
ග්‍රීක හා රෝම සංස්කෘතීන්ට අයත් වන දේව පද්ධතිය හා බැඳුණු පුරාණෝක්ති රැසක් බටහිර සාහිත්‍යය හා කලා ලෝකය පෝෂණය කළ අතර, භාරතීය සංස්කෘතියට අයත් දේව පද්ධතිය හා බැඳුණු පුරාණෝක්ති කථා රැසක් සංස්කෘත කාව්‍ය හා නාට්‍ය කලාව පෝෂණය කිරීමෙහි ලා ඉවහල් වී ඇත. සංස්කෘත සාහිත්‍යයට තෝතැන්නක් වූ හින්දු දේව පුරාණයට අයත් කථාන්තර රැසක් එක් රැස් කොට සිහල බසින් පළ කිරීම පිළිබඳ ව පුරෝගාමී නූර්ති නාට්‍ය රචකයකු වන සී. දොන් බස්තියන් ජයවීර ලේඛකයා අප ගේ ගෞරව සම්මානයට පාත්‍ර විය යුතු ය. හින්දු දේව පුරාණයේ ඇතැම් කථාන්තර ග්‍රීක දේව පුරාණයේ කථාන්තර හා සමඟ සසඳා බැලීම උචිත ය. උදාහරණයක් වශයෙන් මෙම ‘දේව කථාලංකාරය’ කෘතියෙහි ඇතුළත් වන ‘දේවතා සන්නිපාතය’ හා ඕවිඩ් ගේ Metamorphoses කාව්‍යයේ සඳහන් වන ‘පංචමහාභූතයන් එකිනෙකින් වෙන් කිරීම’ (Separation of the Elements) පිළිබඳ කථාන්දරය දැක්විය හැකි ය. පාඨකයා ගේ පරිකල්පනය පෝෂණය කිරීම සඳහා මේ කථාන්දරවලින් සිදු වන්නේ මහඟු සේවයකි.
ආනන්ද අමරසිරි









Reviews
There are no reviews yet.