Daas – දෑස්
රු637.50
අප්පට සිරි… නයෙක්…
නිකම් නයෙක් නෙමෙයි දාර සයිස් බඩුවක්.
“අර තානායම් වත්තේ ඉඳලා හාට් ඇටෑක් එකකින් නැති උනේ. ඒ මහත්තයා එංගලන්තෙ ඉඳලා එද්දී ගෙනාවයි කියන නයා තමයි මු..’ ඔන්න සහන් තවත් කෙබරයක් අතැරියා.
එංගලන්තෙ ඉඳලා එහෙම හිතුමතේට නයි ගේන්න පුවන්යැ. මොකෝ නයින්ට පාස්පෝට් හදලා ගේන්නද…?
එකපාරටම නයා ආච්චිට පෙනේ දික් කළා. ෂුහ්…
ඵ් පෙනේ පීරිසියක් විතර ලොකුයි. ඒකෙ තිබුණෙ තඩි සයිස් ‘ප’ යන්නක්. එතකොටම සහන් ආඩම්බර ලීලාවෙන් මගේ දිහා බැලුවා. “මූ කොහොමද පිටරට නයෙක් වෙන්නෙ… ඔය අගේට ‛ප’යන්න තියෙන්නෙ ඔළුවේ…” ඔන්න ඒ පාර අපේ ගෙදර උදවියගෙ ඇස් හෙමීට මගේ දිහා හැරුණා.
“නයින්ට ‛ප’ යන්න තියෙනවා නේන්නං..” සහන් කිව්වෙ ඇස් දෙක නළලෙ
තියාගෙන.
‛ප’ යන්න තියෙන්නෙ ලංකාවෙ
නයින්ටනෙ. එංගලන්තෙ නයින්ට තියෙන්න ඕනෙ P අකුර මං ඇහැකුත් වහලා එහෙම කියද්දි අපේ කට්ටියගෙ මූණූ හිනාවෙන් පිරිලා ගියා. කොටින්ම සහන්ගෙ යාළුවො දෙන්නටත් හිනා. “උඹේ කටේ සූකිරි කැටයක් දාන්න වටිනවා චූටි පුතේ… මාත් මේ කැරකි කැරකි බැලුවෙ මූගෙ ඇගේ කොයි හරියෙද ඉංගිරිසි අකුරක් තියෙන්නෙ කියලා….”
අපේ ආච්චිත් ලොඹු කට නටව නටව කියද්දි සහන්ගෙ මූණ නිකං ඇද ගහපු කොණ්ඩ කැවුමක් වගේ උනා…
Out of stock









Reviews
There are no reviews yet.