BoyFriend – බෝයිෆ්‍රෙන්ඩ්
රු1,890.00
නිව් යෝර්ක් නගරයේ සෑම තනිකඩ ගැහැනියකට සේම. සිඩ්නි ෂෝටද ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් තිබුණේ අතිශය දරුණු අවාසනාවකි. ඇය ඒ සියල්ල දැක. අත්විඳ ඇත. තමන්ගේ ඔන්ලයින් ගිණුමේ බොරු පළකරන පිරිමින්, රෑ කෑමේ මුළු බිලම ඇයට පටවන පිරිමින්, ඒ සියල්ලටම වඩා නරකම කුලකය වූ අම්මලාගේ හුරතල් පුතුන්…
නමුත් අවසානයේ ඇයට ඇදුණේ ලොතරැයියකි.
ඔහු කඩවසම්ය. ප්‍රියමනාපය. ප්‍රදේශයේ රෝහලක වෛද්‍යවරයෙකි. වචනයේ පරිසමාප්තියෙන්ම සර්ව සම්පූර්ණය. සිඩ්නි. ප්‍රීතියේ පරම කෝටිය අත්විඳිමින් සිටියේය.
ඒ සමගම තරුණ ගැහැනියක් බිහිසුණු මිනිමැරුමකට ලක්වීම – මෙය නගරය පුරා පැතිර ගිය දාම ඝාතනයක අවසන් ගොදුරය – පොලිසිය වික්ෂිප්ත කර තිබිණ.
එහි ප්‍රධාන සැකකරු?
ඔහු සිය ගොදුරු බවට පත් තරුණියන් මරා දැමීමට පෙර. ඔවුන් සමඟ ප්‍රේම සබඳතා පවත්වා තිබේ.
සිඩ්නිට දැනිය යුතුව තිබුණේ ආරක්ෂිත බවකි. මන්ද යත්, ඇයට හමුව තිබුණේ ඇගේ සිහින කුමරාය.
නමුත් ඔහු එතරම්ම සර්ව සම්පූර්ණද යන්න ගැන සැකයක් නොසිතා සිටීමට ඇයට නොහැකි විය. ඇගේ සෑම පියවරක් දෙසම යමෙකු ඇස ගසාගෙන සිටී. ඇය සත්‍යය සොයා නොගතහොත්, දාම ඝාතකයාගේ මිළඟ ගොදුර ඇය විය හැක.










Reviews
There are no reviews yet.