Boniki Gedara-බෝනිකි ගෙදර
රු320.00
නූතන දෙබස් නාට්‍යයේ නිර්මාතෘ ලෙස සැලකෙන නෝවීජියානු නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ දැවැන්ත සෙවණැල්ල වත්මන් නාට්‍ය ඉතිහාසය සිසාරා පතිතව ඇත. ඔහු වේදිකාව පමණක් සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍ය හරහා ද ලොව පුරා අද වැඩියෙන් ම නිෂ්පාදනයට භාජනය වන නාට්‍ය රචකයන් කිහිප දෙනා අතරට වැටෙන්නේ ය. ඉබ්සන් 1828 දී ස්කීන් නම් කුඩා නගරයේ දී උපන්නනේ ය. හේ සිය ප්‍රථම නාට්‍ය වූ ‘කැට්ලීන්’ ලියා පළ කළේ 1850 දී ය. නාට්‍ය නිෂ්පාදකයෙකු, රචකයෙකු, රංග කලාව පිළිබඳ නිර්භය ගවේශකයෙකු මෙන්ම කවියෙකු ලෙස ද වේගයෙන් වැඩුණු හෙතෙම, ශිෂ්‍යත්වයක් ලැබ 1864 දී ඉතාලියට ගියේ ය. එහි දී ලියූ ‘බ්‍රෑන්ඩ්’ සහ ‘පියර් ගුන්ට්’ යන මුල් ම නාට්‍ය දෙකින් ම යුරෝපයේ ම විචාරාත්මක අවධානය තමා වෙත දිනා ගන්නට ඔහු සමත් විය. එතැන් සිට වසර 25ක් පමණ ඉතාලියේ ද ජර්මනියේ ද ගත කළ ඉබ්සන් ඒ කාලය තුළ යුරෝපීය නූතන නාට්‍ය කලාවේ අනාගත ගමන් මාර්ගය මෙන්ම එහි විෂය ක්ෂේත්රයන් ද වෙත දැවැන්ත බලපෑමක් කරන්නා වූ නාට්‍ය රාශියක් ලියා පළ කළේ ය. ‛බෝනිකි ගෙදර’ (1879) මේ නාට්‍ය අතර සුවිශේෂ වැදගත්කමක් දරන නිර්මාණයකි.
1891 දී පෙරළා සිය රටට පැමිණි ඉබ්සන් ක්රිස්ටියානාවෙහි (දැන් ඔස්ලෝ නුවර) පදිංචි වී දිගටම නාට්‍යකරණයේ නිරත විය. ජීවිතයේ අවසාන භාගයේ වසර ගණනාවක් තදබල ලෙස රෝගාතුර ව සිටි ඔහු 1906 මැයි 23 දා මිය ගියේ ය.
Out of stock









Reviews
There are no reviews yet.