Keheli.lk

20% OFF

Binduwe watinakama – බිංදුවේ වටිනාකම

රු260.00

අමිල මුතුකුට්ටි අපට නිතර හමුවනුයේ පුවත්පත් විශේෂාංග ලිපි අතරිනි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ඔහුගේ සරල විග්‍රහ ගැඹුරු අරුත්හි පැහැදිලි ප්‍රතිබිම්බ සේ දැක්විය හැකිය. ආර්ථික ක්ෂේත්‍රයේ මෙන්ම සමාජීය කරුණු සම්බන්ධයෙන්ද ඔහුගේ විවරණ සිත් ගන්නාසුලුය. ගුවන් විදුලි වැඩ සටහන් වලින්ද ඔහු ජනවහරට සමීපව යමින් පුළුල් ආර්ථික විශ්ලේෂණයක යෙදෙයි.
“බිංදුවේ වටිනාකම” පුද්ගල සාර්ථකත්වය උදෙසා ඔහුගේ දෙවන ගවේෂණයයි. සරල උදාහරණ සහිතව ඔහු ජීවිතයට වටිනාකමක් එකතු කරගන්නා ආකාරය සාමාන්‍ය පාඨකයාට කියා දීමට මෙම කෘතිය සමත්ව තිබේ. පුද්ගලයෙකු උපතේ සිට මරණය දක්වාම ජීවිතයට එකතු කරගන්නා වටිනාකම් මගින් ජීවිතයේ සාර්ථකත්වය ඇති කරගන්නා ආකාරය ඔහු මෙහිදී පැහැදිලි කරයි. මෙය ජීවිතයේ ජයග්‍රහණය අපේක්ෂා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයකුට අත්‍යවශ්‍ය වන කියවීමකි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Binduwe watinakama – බිංදුවේ වටිනාකම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat