Bharathiya Upadesha Katha – භාරතීය උපදේශ කථා
රු800.00
භාරතීය කථා සම්ප්රදාය මානව ශිෂ්ටාචාරයේ දුර්ලභ ධන නිධාන අතර ඇති මහාර්ඝ වස්තුවකි. එය සියවස් ගණනාවක සිට සදාචාර අධ්‍යාපනය, ව්‍යවහාර බුද්ධිය, ජීවිත දර්ශනය යනාදි දේ සරල, රුචිකර හා මතකයේ රැඳෙන ආකාරයෙන් පරම්පරා ගණනාවක් තිස්සේ රැගෙන එමින් පවතියි. පංචතන්ත්‍රය, හිතෝපදේශය, කථාසරිත්සාගරය හා ජාතක කථා හුදු කථා සංග්‍රහ පමණක් නොවේ, ඒවා ජීවිතය තේරුම් ගන්නා, සමාජයේ සමබර හැසිරීම් විකාසයට පත් කරන, එමෙන්ම යහපත් මඟ පෙන්වීම් කරන සම්ප්‍රදායන් ලෙස තෙරුම් ගත යුතුය.
මේ වැදගත් කර්තව්‍යය ඉදිරිපත් කිරීමේ හා කෘතහස්ත ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ දායකත්වය අතිශය ප්‍රශංසනීය බව ප්‍රකාශ කළ යුතුය. එතුමා මේ කථාන්තර සරල සිංහල බසින් ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිවම භාරතීය උපදේශ කථා උරුමය ශ්‍රී ලංකාවේ දරු – දැරියන්ට සමීප කිරීමට ගත් අප්‍රමාණ උත්සාහය අතිශයින් කැපී පෙනෙයි. එතුමගේ මේ ප්රයත්නය අධ්‍යාපනික වශයෙන් මෙන්ම භාරත – ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා වලටද, එමෙන්ම සදාචාරය පිළිබඳ අදහස් හුවමාරු වලට ද ඉමහත් වටිනාකමක් ලබා දෙයි. ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතාණන්ගේ මෙම අර්ථාන්විත, දූරදර්ශී කර්තව්‍යයට මම මගේ අත්‍යන්ත ගෞරවය පුද කිරීමට කැමැත්තෙම්.









Reviews
There are no reviews yet.