Keheli.lk

15% OFF

Baudda sanskruthika kollaya – බෞද්ධ සංස්කෘතික කොල්ලය

රු765.00

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති.
මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ, කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ ‘කන්නගී’, අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදිලි කෙරේ. ‘තාරා’ (අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප්‍රචලිත වූ කන්නගී පිදීම, හින්දු බමුණන් විසින් ‘පත්තිනි’ වන්දනාවට පරිවර්තනය කළ ආකාරය මෙහි පැහැදිලි කෙරේ.
අතීතයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ලකෑ අයුරු පැහැදිලි කරන කෘතිය, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබඳව ද සාවද්‍ය මතවාද ‘සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අයුරු පෙන්වා දෙයි.
යුරෝපීය ආක්‍රමණවලින් පසු, කේරළය ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිස්තියානි ප්‍රාන්තය වූයේ ය. ඒ ඉන්දියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුවමනා වූ නමුදු ඉන්දීය මධ්‍ය ආණ්ඩුව විසින් ඒ උපාය වළක්වන ලදි. කේරළයේ පරිදි, ආගම යොදාගනිමින් ලංකාව ක්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට උත්සාහයක් තිබේ. වර්තමානයේ තමිල්නාඩුව ලංකාව ගිල ගැනීමට උත්සාහ දරන්නේ චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප්‍රධාන භාෂාවක් වූ ‘දෙමළ’ භාෂාවේ ආධිපත්‍යය භාවිත කරමිනි. කේරළය හරහා ලංකාවට රිංගූ, ‘විමුක්ති දේවධර්මය’ පදනම් කරගෙන බිහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ ජේවීර ඝාතන උත්සාහයන් යට සැඟව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්තමාන ලංකාවේ සිදු වන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ද පාඨකයා දැනුවත් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Baudda sanskruthika kollaya – බෞද්ධ සංස්කෘතික කොල්ලය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat