Batahira Peramuna Nihadai – බටහිර පෙරමුණ නිහඬයි
රු850.00
මා තරුණ ය. වයසින් වසර විස්සයි. එසේ වුව ද හව්හරණක් නැති බව, මරණය, භීතිය හා ශේශිතඅගාධයක් මඟින් රඳවා ඇති තනතීරු හරසුන් බවත් හැරෙන්නට, ජීවිතය ගැන අන් යමක් නොදත්තෙමි. මිනිසුන්, එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගත් හා තැනට කටයුතු කෙරෙනු ද, නිහඬව, කිසිදු දැනුවත් බවකින් තොරව. අමන ලෙසින්, යටහත් පහත් ලෙසින් හා අහිංසක ලෙසින් එකිනෙකා මරාගන්නා බව ද දකින්නෙමි. ලෝකයේ තියුණුම බුද්ධිමතුන්, යුද අවි ද එමෙන්ම ඒවා වඩාත් සුලලිත හා චිරස්ථායි කරළනු සඳහා වදන් ද නිර්මාණය කරනු මට දැකිය හැකිය. එමෙන්ම, මෙහි අප අතර මෙන්ම, ඉන් ඔබ්බේ. ප්රති – පාර්ශ්වයේ ඉන්නා මගේ වයසේ සියලුම මිහිස්සු මේ දේ මෙලෙසින්ම දකිති. මගේ පරම්පරාවේ සියල්ලෝ මේ සියල්ල මා සමග අත් විඳිති.
යුද්ධය රහිත කාලයක් කෙදිනක හෝ පැමිණියහොත්, ඔවුන් අපෙන් කුමක් අපේක්ෂා කරනු ඇති ද? පීවිතය පිළිබඳ අපේ දැනුම මරණයට සීමා වී ඇත. ඉහ් අනතුරුව, කුමක් වේද? අප, ලොවට පිරිගමනු ඇත්තේ කුමක්ද?










Reviews
There are no reviews yet.