Keheli.lk

15% OFF

Bardi – බර්ඩි

රු1,912.50

දහනවවෙනි සියවසේ එක් හේමන්තයක, කුඩා දැරියකව ලන්ඩනයේ පවු වීදිවලදී අත්හැර දමා යන ලදී. අබිරහස් ආගන්තුකයෙකු විසින් හදා වඩා ගණ්හා මෙම දැරිය පිළිවෙළින් සෙරක්, යෙහෙළියක්, අනුප්‍රාණ නිධියක් සහ පෙම්වතියක් වන්නීය. ඉක්බිති, 1862 වසරේ ගිම්හානයේදී, ඇගේ දහ අටවෙනි උපන් දිනය පසුව නොබෝ දිනකින්ම, ඕ සිත්තරුන් පිරිසක් සමග ඉහළ තේම්ස් නදියේ නිසල ගංගා දඟරයක පිහිටි සුන්දර නිවෙසකට විවේක සුව විඳිම පිණිස යන්නීය…සිත්වල කල බලය, නොඉවසුම් බව ඉහළ යයි. එක් ග්‍රීෂ්මාධින සැන්දෑවක වෙඩි පහරක හඬ අවට ගිගුම් දෙයි. කාන්තාවක් මරණයට ලත් වේ. තවත් කතක් අතුරුදහන් වෙයි. එහි සැබැවින්ම සිදු වූ දේ පිළිබඳ සත්‍යය කාලයන් සමග සැඟව යයි.

ඉන්පසු එළඹෙන සියවස සහ එයටත් පසු කාලයේදී, බර්ච්වුඩ් මන්දිරය බොහෝ අමුත්තන් පිළිගනී. එහෙත්, එය තම් රහස ආරක්ෂා කර ගනී. වෙගත් යුවතියක් ඇගේ පවුලේ රහසක් හේතුවෙන් මෙම නිවහනට ආකර්ෂණය වෙහ තුරුම නිවහන එසේ හැසිරෙයි….

බර්ඩ්’හි අබිරහස හෙළිරද වූ වීම ඇරඹීමත් සමග 1862 වසරේ අර ශාපලත් දිනයේ පටන් බර්ච්වුඩ් මන්දිරයට පැමිණි අයගේ කතන්දර අපට දැන ගැනීමට ලැබේ. සංකීර්ණ ස්තර වලට සකස් කළ, භාවාතිශය බව උපර්මයෙන් තිබෙන මෙම කතාව සමහර වේලාවට, ඉදිරියට යෑමට ඇති එකම මාර්ගය වැටී ඇත්තේ අතීතය හරහා බව පෙන්වා දෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bardi – බර්ඩි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat