Keheli.lk

15% OFF

Awasan Adirajiniya-අවසන් අධිරාජිනිය

රු1,360.00

යෙහොනෙලා හෙවත් ඕකිඩ් චීන අධිරාජයාගේ තුන් දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශි ඕකිඩ් අධිරාජයාගේ හදවත දිනාගැනීමට සමත් වනවා පමණක් නොව සිහසුනට පුතකු දායාද කිරීමේ භාග්‍යය ද හිමි කර ගන්නීය. අධිරාජයා අඩු වයසින් දෙව්ලොව දෙවියන් අතරට යද්දී තනිවන ඕකිඩ් කුඩා පුත් කුමරුගේ අනාගතය ද රටේ නොසන්සුන් තත්ත්වය ද පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නීය. “අධිරාජිනිය ඕකිඩ්” තුළින් ඔබ හඳුනාගත් ඇය අධිරාජයා නොමැතිව ගත කරන දිවිය මතුපිටින් සුරඟන කතාවක් සේ දිස් වුවද එය රනින් නිමකළ සිපිරිගෙයක් ම විය. ඇය හට සටහන් කරන්නට සිදුවූයේ මාලිගා සම්ප්‍රදායයන් හා අතොරක් නැති විදෙස් බලවේග සමග පමණක් නොව සම අධිරාජනිය වූ නුහාරු, අධිරාජයාගේ ඥාතීන්, රාජ සභාවේ නිලධාරීන් මතු නොව එක් කුස උපන් සහෝදර සහෝදරියන් ද ඇතුළුව මුළු මහත් සමාජය සමගය. යෞවන අවධියේ ම වැන්දඹුවක වූ ඕකිඩ් හට රාජකීය සම්ප්‍රදායයන්ට අනුව තම දිවියේ ඉතිරිය තනිව ගත කරන්නට සිදුවන්නේ ඇගේ රහසිගත ආදරය දැක්මකට පමණක් සීමා කර ගනිමිනි. නින්දාසහගත විදෙස් අතපෙවීම් හා අභ්‍යන්තර ගැටුම් හමුවේ තම මව්බිම රැක ගැනීමට ඕකිඩ් අධිරාජ්‍යය ශක්තිමත්ව නැගී සිටියත් ඇගේ චිත්ත සන්තානයේ හට ගන්නා සිතිවිලි ඇති හැටියෙන් කිසිවකු නොදුටුවහ.

Reviews

There are no reviews yet.

Be the first to review “Awasan Adirajiniya-අවසන් අධිරාජිනිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat