Athurudan karanno-අතුරුදන් කරන්නෝ
රු400.00
සුදුවන් කේශකලාපයෙන් යුත් රූමත් යෞවනියන් ක්රුන්විලී නගරය තුළ තනිව ගමන් යාමට මහත් බියක් දැක්වූවෝය. ඒ නගරය තුළ සුදුවන් කෙහෙරැළි තිබූ තරුණියන් තිදෙනෙකුම අභිරහස් අයුරින් අතුරුදන් වූ බැවිනි. එම තරුණියන්ට සිදුවූ අනතුරක් ගැන හෝ ව්‍යසනයක් ගැන පොලීසියටද විමර්ශනය කරගත නොහැකි විය. මේ අභිරහස් අතුරුදන්වීම් නිසා මුළු නගරයම භීතියෙන් ඇලලී ගිය අතර, ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම භාරව නිව්යෝර්ක් නගරයේ සිට අති දක්ෂ රහස් පරීක්ෂකවරයකු වන මාර්ක් ස්පෙවැක් ක්රුන්විලී නගරයට කැඳවන ලදී.
මාර්ක් ස්පෙවැක් පිටස්තර රහස් පරීක්ෂකයෙකු වූ බැවින් නගර වැසියන්ගෙන්ද, පොලීසියෙන්ද ඔහුට කෙනෙහිලිකම් රාශියක් විඳින්නට සිදුවිණ. පාතාල ලෝකයෙන් ඔහුට ජීවිත තර්ජන පවා එල්ලවන අවස්ථාවක ඉතා රූමත්, ඥාණවන්ත, එමෙන්ම නිර්භීත රහස් පක්ෂිකාවක් වූ ඕඩ්රි ෂෙරිඩන් මේ අභිරහස හෙළිකර ගැනීම සඳහා ස්පෙවැක්ට නොසැලී සහාය දැක්වූවාය.
1946 වර්ෂයේදී ජේම්ස් හැඩ්ලි චේස් සූරීන් විසින් ලියන ලද ‘බ්ලොන්ඩ්ස්ඩ්ස් රෙක්විඑම්’ නැමැති මේ ත්‍රාසජනක නවකතාව, පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය.
Out of stock









Reviews
There are no reviews yet.