Ashtawankaya gini gani – අෂ්ටවංකය ගිනි ගනී
රු1,700.00
අෂ්ටවංකය’ නවකතාවෙන් කියැවුණු පරිදි, ඇලෙක්සැන්ඩ්‍රා සොලරින්ගේ දෙමව්පියන් වන කැතරින් වෙලිස් (කැට්) සහ ඇලෙක්සැන්ඩර් සොලරින් විශ්වාස කළේ මූග්ලැන් චෙස් කට්ටලයේ ඉත්තන් ලොව පුරා විසිරී ඇති නිසා එය සන්තකයේ තබා ගැනීමෙන් ලැබෙන බලයේ රහස් ඔවුන් සමඟ වැළලෙනු ඇති බවත්ය. ඉන් වසර තිහකට පසුව, ඔවුන්ගේ එකම දියණිය, ඇලෙක්සැන්ඩ්‍රා සොලරිත් ඇගේ මවගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ මුතුන් මිත්තන්ගේ නිවසට කැඳවනු ලැබේ. එහෙත් ඇලෙක්සැන්ඩ්‍රා පැමිණෙන්නේ තම මව අතුරුදහන් වී, උපක්‍රමශීලීව කරන ලද ඉඟි මාලාවක් ලැබී, අනපේක්ෂිත අමුත්තත් නිවසට පැමිණීම ආදී සිදුවීම් සමග යම් නරක දෙයක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරන අවස්ථාවකය.
චාර්ලිමේන් චෙස් කට්ටලයේ ප්‍රබලතම කොටස හදිසියේ මතු වී ‘ක්‍රීඩාව’ නැවත ආරම්භ වී ඇති බව ඇය සොයා ගනියි.2009 දී කැතරින් නෙවිල් The Fire නවකතාව වෙනුවෙත් දර්ශනීය ප්‍රබන්ධ සඳහා පිදෙන ගෞරවනීය සිල්වර් නාටිලස් සම්මානයෙන්ද පිදුම් ලැබුවාය,විචිත්‍රවත් ගද්‍ය සමග ආකර්ෂණීය ඉතිහාසය තුළ නොනවතින සැකයන් මිශ්‍ර කරන කැතරින් තෙවිල්, The Eight නොහොත් ’අෂ්ටවංකය’ නවකතාවේ ඊළග සහ අවසාන පියවර වූ The Fire නොහොත් ‘අෂ්ටවංකය ගිනිගනී’ කෘතිය හරහා අත්තරාය, ක්‍රියාදාම සහ කුතුහලය පිළිබඳ අමතක නොවන කතාවක් නැවතත් ගොඩනගන්නීය.









Reviews
There are no reviews yet.