Keheli.lk

10% OFF

Aramadasa-ආරාමදාස

රු630.00

2021 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් නවකතා 5 සඳහා නිර්දේශිත නවකතාව

ඉතිහාසය ගොඩනැඟීමත් ඊට යටත්වීමත් එකක් නොව, හාත්පසින් වෙනස් වූ ක්‍රියාවලීන් දෙකකි. මේ දෙමඟින් කුමක් ඔස්සේ ගමත් කළ යුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඬ විවාදයක් සෑම සමාජයක් තුළ වෙයි. ආරාමදාස’ නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයන් කලඹමිත් මතුවන උක්ත විවාදයේ සලා වැටුමයි. සලා වැටුමක් හෙවත් දියසුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පත්ලට ඇදගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමිත් ගැලවී ගංගාවත් සමග ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලස්ට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරී ඇත්තා සේ ලාංකේය වාමත හෙවත් බහිරවයින්ට පැවරුණු කාරිය වත්තේ අතීත සමාජ සංස්කෘතික බරබද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයත් ලේඛකයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි. ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්‍රමාලයක් වෙයි. උරචක්‍රමාලය යනු මිණියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්තා ආභරණයකි. මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමක්දැයි ප්‍රශ්න කරයි.

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Aramadasa-ආරාමදාස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat