Keheli.lk

15% OFF

Aparantha – අපරාන්ත

රු1,190.00

මේ ආරස්සාව වරු තුනෙන් අහවරයි අපේ හාමුදුරුවනේ…”
ඒ හඬ රහසිගත ය.
“එහෙමනං කල් ඇරලා බැහැනෙ. මේ යමින් ගමන්ම පන්සලටත් ගොඩවෙලා පූජාවට ඕන කළමනා ටික ගැන කතිකා කරගමු කපු මහත්තයො. හාමුදුරුවෝ ප්‍රේමවතීලාගේ නිවසින් පිටතට පැමිණ පැවසූහ.නමුත් කපු මහතා උන්නේ වෙනමම කල්පනාවක ය.මොහොතකට පසු හෙතෙම යළි හැරී නිවස දෙස බැලීය.
“ කොල්ලව විතරක් නෙමෙයි… ගෙදර අනිත් ප්‍රාණකාරයො දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි…
එම කතාවේ බරපතලකම වැටහුණු නාහිමියෝ කපු මහතාගේ මුහුණ දෙස විපරමින් බැලූහ. නමුත් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ මහ සඟ රුවන මත නොව ප්‍රේමවතීලාගේ නිවසේ මුදුන් වහලය මත ය.
” පිටින් පේන දේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නෙ අපේ හාමුදුරුවනේ… මහා නපුරක පෙරනිමිති පේනවා මට,
ඒ වියපත් හඬ වත්ත පහළින් ඇසුණු බළල් පොරයත් සමඟ නැගුණු විලාප හඬට මුහු වී නෑසී ගියේය.

Out of stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Aparantha – අපරාන්ත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat