Keheli.lk

20% OFF

Ananda maithreya mahanahimiyange aprakata lipi – ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි

රු1,000.00

මේ කෘතිය ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් නැවත සොයා ගැනීමට සහ හඳුනාගැනීමට කරනු ලබන ගෞරවාන්විත ආරාධනාවක් බඳුය. අත් අකුරින් ලියන ලද්දේ නොවේ නම් මේ තරම් වයෝවෘද්ධ මහතෙරවරයෙකු හා වයසින් බාලයෙකු අතර පැවති සම්බන්ධය පිළිබඳව කවරකු හෝ සැක කරනු ඇත. මෙය අවංක සෙනෙහසකින් තමන් ඇසුරු කළ භික්‍ෂු ප්‍රාඥයාට සාධාරණය ඉටුකරලීම සඳහා රචනා කරන ලද්දක් වුවද පර්යේෂණාත්මක නිබන්ධයකින් ඉටුවන මෙහෙයට වැඩි මෙහෙයක් ඉන් ඉටු වෙයි. සාම්ප්‍රදායික ගුරුගෝල අධ්‍යාපන ක්‍රමය හා බැඳුණු ගුරුභක්තිය හා ශ්‍රේෂ්ඨ උතුරු ගුණ දහම් මතු කරයි. මහාපුරුෂයකුගේ හා කොලු ගැටයකුගේ ඒ සම්බන්ධය විශ්මයජනක වුවද එය නොවී නම් මෙවැනි පුළුල් ක්ෂේත්‍රයක් වටා කරන ලද කෘතියක් කියැවීමේ භාග්‍යය පාඨකයා නොලබයි.
සාර සංග්‍රහයක් රචනා කරමින් අවංක ලේඛකයෙකු ලෙස තම පාඨකයා ඥානනය කරන සමුද්‍ර, මහනාහිමියන් වෙත තිබූ ණය විශාල පොළියක් ද සමඟ ගෙවා දමමින් පාඨකයාට ද නොසිතූ තරමේ ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කරයි.”

Reviews

There are no reviews yet.

Be the first to review “Ananda maithreya mahanahimiyange aprakata lipi – ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat