Aege Kuda Kes Wetiya ඇගෙ කුඩා කෙස් වැටිය
රු750.00 රු675.00
”කෙටිකතා නවයකින් සමන්විත මේ කෘතියෙහි ඇතුළත් නිර්මාණ බොහොමයකට ගැමි දිවි පෙවෙත විෂය වී ඇති ආකාරය දක්නට ලැබේ. නිදහසින් පසුව ගත වූ හැත්තෑ වසකට වැඩි කාල පරිච්ඡේදය තුළ මෙරට ග්‍රාමීය ජන ජීවිතයේ ඇති වූ වෙනස්කම් මේ කෘතියෙහි යම් පරිමාණයකින් පිළිබිඹු වේ. මෙම කෙටිකතා සමුච්චය අගැයීම සඳහා වඩා උචිතවන්නේ සාහිත්‍ය සමාජවිද්‍යාත්මක එළඹුම යයි හැඟේ… ලේඛකයා ප්‍රතිනිර්මාණය කරන ගම කිසිසේත් ම සුන්දර තැනක් නොව, ආර්ථික අගහිඟකම්වලින් ආතුර වූ ස්ථානයකි. එහි නොයෙකුත් නොපනත්කම් ය; අඬදබර ය; එක පවුලේ සහෝදරයෝත් ඔවුන්ගේ බිරියෝත් එකිනෙකා බැණ අඬගසා ගනිති. තරුණ ගැහැනු ළමයි ඔවුන්ගේ සමීප ඥාතීන් අතින් කෙලෙසෙති. නියඟ වැනි ස්වභාවික බලවේගත්, විෂඝෝර සර්පයනුත්, ආර්ථික දරිද්‍රතාව වැනි ජීවන ගැටලුත් ගැමියන් පීඩනයට පත් කරන විට ඔවුනට පිහිටට සිටින්නේ පත්තිනි දෙවඟන ඇතුළු දෙව් දේවතාවුන් හා මන්ත්‍ර ශාස්ත්‍රය පමණි…”
මහාචාර්ය ජිනදාස දනන්සූරිය
Related products
-
10% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock




Reviews
There are no reviews yet.