Keheli.lk

10% OFF

Aduru Wala Ridi Reka අඳුරු වලා රිදී රේඛා

රු2,250.00

මෙයින් වසර 75 කට පෙර මෙලොව එළිය දුටු ආචාර්ය ඊ. ඇම්. රත්නපාලයෝ අධ්‍යාපන සුදුසුකම් ලැබීමෙන් අනතුරු ව රාජ්‍ය සේවාවට නිස්සකු බවට පත් ව දේශපාලනඥයන්ගේ හෝ නිලධරයන්ගේ හෝ ඉත්තකු නොහොත් ගැත්තකු බවට නොපත් ව අවංක ව ස්වකීය රාජකාරිය මානව හිතකාමී ව ඉටු කළ හ.
ළමා අවදියේදී ම ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා වැනි සත්පුරුෂයන්ගේ සෙවණ ලබන්නට ලද භාග්‍යය නිසා ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් ද මානව දයා ගුණය ද ඍජු පෞරුෂය ද ගොඩනඟා ගැනීමට සමත් වූ ඔහුගේ සෘජු කෂේරුව ධනය, බලය, වරදාන, වරප්‍රසාද ඉදිරියේ නො නැමුණේ ය. දුර්දාන්ත දේශපාලනයත් දුර්දාන්ත පාලනයත් ඔහුගේ මහජන සේවාවට ආශීර්වාද නො කළ හෙයින් ජීවන වෘත්තිය සරි කැර ගනු පිණිස උඩුගම් බලා පිහිනා ගිය ඔහුට අන්තිමේදී ඉතිරි වුයේ “රැකියාව අත්හළ විදුහල්පති ධුරයත් කථකාචාර්ය ධුරයත් ” පමණ ය.
දිවි මඟ ජය ගනු පිණිස ලේඛන වෘත්තියෙහිත් ශාස්ත්‍රීය පර්යේෂණයෙහිත් නිරත වීමෙන් දාර්ශනිකයෙකු තරමට ප්‍රාඥ භාවයක් විශද කරන්නට හේ සමත් වූයේ ය. හෙතෙම පොතපතින් පමණක් නොව දෙසුමෙන් ද ලිපි ලේඛනයෙන් ද විද්‍යුත් සන්නිවේදනයෙන් ද සිය මානව හිතකාමී හැඟීම් ජනතාවට සම්ප්‍රේෂණය කරන්නා වූ සහෘදයෙකි. බාල, තරුණ, මහලු සැමටත් දේශපාලනඥයන්ටත් ගුරුවරුන්ටත් විදුහල්පතිවරුන්ටත් නිලධර පැලැන්තියටත් මේ කෘතියෙන් ලැබෙන ගුරු හුරුකම් මසුරන් වටිනා බව නො කියා නොහැකි ය.
ආරීයපාල ඉඹුල්දෙණිය

Reviews

There are no reviews yet.

Be the first to review “Aduru Wala Ridi Reka අඳුරු වලා රිදී රේඛා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat