Adbutha lium kawaraya-අද්භූත ලියුම් කවරය
රු442.00
“E” අකුරෙන් කියවෙන වචනයක් ගැන හිතුවොත් අපිට Enemy කියලා කියන්න පුළුවන්. ඒ වචනයේ තේරුම තමයි සතුරා කියන එක. මේ කතාවෙන් කියවෙන්නේ ඒ විදිහේ සිදුවීමක් ගැන.
පඳුරු යාය තුළ සැඟව සිටි මිතුරන් තිඳෙනා යාන්තමට එබී බැලූවා. කාන්තාවක් සහ පුරුෂයෙක් කාරයෙන් බිමට බහින ආකාරය ඔවුන්ට පෙනෙනවා. ඒ මිනිසා මිටි අයෙක්. ඔහු කොළ පැහැති ඇඳුම් කට්ටලයක් හැඳ දම් පැහැති ටයි පටියක් පැළ සිටිනවා.
” ඒ ඉන්නේ එයා තමයි. සෑහෙන කාලෙක ඉඳන් අපේ පස්සෙන් පන්නන්නෙ ඒ හාදයා තමයි.”
ජෝෂ් සිහින් හඩින් මිමිණුවා, මිනිසා සහ කාන්තාව ටික වෙළාවක් මොනවාදෝ කතා කරමින් සිටියා. ඊට පසුව ඔවුන් කාරයට ගොඩවුණත් එය පදවාගෙන ගියේ නෑ.
” ඒ අය මොනවද කරන්නේ ?.”
ජෝෂ් ඇසුවා, ඩින්ක් කෙල උගුරක් ගිල දමමින් සිය කමිසයට යටින් දමා තිබු ලියුම් කවරය ස්පර්ෂ කෙරුවා. ඔහු මෙසේ පැවසුවේ ඊට පසුවයි.
“ඒ අය මාව තමයි හොයන්නේ.”








Reviews
There are no reviews yet.