Keheli.lk

15% OFF

Adbhutha aganthukaya – අද්භූත ආගන්තුකයා

රු276.25

දෙනෝදහක් ජීවත්වන නගරයක මිනිසකුට නොපෙනී සිටිය හැකි නම් එය මොනතරම් ආශ්වාදජනක අත්දැකීමක් විය හැකි ද? එසේ වූ විටෙක කළ හැකි දේවල් කෙතරම් ද? එය මිනිසකුට මොනතරම් නම් බලයක් වේ ද? එය ගැටවරයන්ගේ සිහිනයක් නොවන්නේ ද?
1897 තරම් ඈත කාල වකවානුවක එංගලන්ත ජාතික එච්.ජී. වෙල්ස් ගැටවරයන්ගේ මේ සිහිනය සැබෑ කළේ ය. ග්‍රිෆින් නම් වූ තරුණ විද්‍යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයකට පත්වන්නේ විද්‍යාත්මක සොයාගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි. ආලෝකයේ ශක්තිය, වර්තනය, පරාවර්තනය, රුධිරයේ වර්ණක ආදී විද්‍යාත්මක සිද්ධාන්ත බොහෝමයක් භාවිතයෙන් වෙල්ස් විසින් ග්‍රිෆින්ව නොපෙනෙන තත්ත්වයකට පත් කරයි. සඳහා වෙල්ස් අනුගමනය කළ විද්‍යාත්මක ක්‍රමවේදය සහ ගමන්මඟ ඉතාමත් සිත්ගන්නාසුලු ය. එපමණට ම තාත්වික ය. යථාර්ථවාදී ය. ඒ තුළ කිසිදු විජ්ජාවක් හෝ මැජික් බලයක් ඇතැයි නොසිතේ. විද්‍යාත්මක පදනමක පිහිටමින් සිත්ගන්නාසුලු විද්‍යාත්මක තර්ක ඉදිරිපත් කරමින් හෙතෙම ග්‍රිෆින්ව අදෘෂ්‍යමාන තත්ත්වයකට පත් කළ ද අදිසිබව හමුවේ ග්‍රිෆින්ට දිගින් දිගට ම මුහුණ දීමට සිදුවන්නේ බරපතළ අකරතැබ්බයන්ටම ය. එකකින් ගොඩ එන කල ඇදවැටෙන්නේ ඊටත් වඩා බරපතළ එකකට ය. මේ අකරතැබ්බයන්ගේ නිමාව කොතැන ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Adbhutha aganthukaya – අද්භූත ආගන්තුකයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat