Mage divi satana-මගේ දිවි සටන
රු637.50
සමාජවාදය වේවා ප්‍රජාතන්ත්‍රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසාමය. එහෙත් එකී සංකල්ප නාම මාත්‍රිකව ගනිමින් පාලකයන් මිනිස් ජිවිත සමඟ සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්‍රතිඵලය වනුයේ විනාශයම ය. තම බිළිඳු වියෙහි සිටම පීඩනය.
මර්ධනය, වෙනස් සැලකීම සහ සාගතය උරුම වූ යොන්මි පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හරහා පවසන කටුක සත්‍යය වනුයේ එයයි. ලොව පුරාම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නඟන හඬ වඩ වඩා තීව්‍ර නැගෙන, යාන්ත්‍රික සමාජවාදයක් වෙනුවට නිවැරදි භාවිතාවක් හරහා සමාජ විප්ලවයක් උදෙසා සංවාද ඇවිළෙන නූතන ලෝකයෙහි ඉදිරි ගමනට මෙවත් අත්දැකීම් තුළින් ලද හැකි ආලෝකය ඉමහත්ය. අප මෙවත් කෘති කියවිය යුත්තේ හුදු අනුකම්පාව පෙරදැරිව නොව සමාජ වෙනසක් සඳහා වන දැඩි අදිටන ද සහිතව ය. ලොව යහපත් ලෙස වෙනස් කෙරුමට අපට හැකිවනු ඇත්තේ එවිට පමණි.








Reviews
There are no reviews yet.