10% OFF
Me Ape Guhawai – මේ අපේ ගුහාවයි
රු810.00
අම්මාගේ ලේඛන කලා ජීවිතයේ ඉතා අසීරු අභියෝගාත්මක කාළ වකවානුවකටයි ඈ පසුගිය වසර හත අටක කාලය පුරාවට මුහුණ දී සිටිය. ගුහාවක සිරකර හිතට අගුළු දමාගෙන හංගා සුරැති, තාත්තාගේ ඒ සුන්දර ලියවිලිවල පසුබිම පෙළින් පෙළ පෙළගස්වා සංස්කරණය කරන්නැයි අප ඇයට පැවරු බැරෑරැම් කටයුත්ත නිසා ඉතා දිගු අතීත මතක සොයා අම්මාට අතීතයට යන්න සිදු වුණා.
ඒ අතීත මතක ළග විඩාබර වී අම්මා නතර වුණ අවස්ථා හුගාක් තිබුණා. ජීවිතය දෙස සන්සුන්ව බැලිය යුතු කාලයකදී ඇයට ඉතා අසිරු කාර්යයක් පවරා ඇගේ සිත නොසන්සුන් කළාට ඈ අපට අද සමාව දෙනු ඇත.
මේ පොත දැක ගන්නට තාත්තා හිටියා නම් කියා ළය පැළී යන තරම් වේදනාවක් මට දැනුණත් ඔහු අද අප අතර හිටියා නම් මේ සියල්ල ඇයත් සමඟ දිරාපත් වෙන්නට ඉඩ හරින්න යැයි කියා අම්මා ගෙන් ඉල්ලීමක් කරන බව නම් ස්ථිරයි.
රුචිරා සුරංගී ද අල්විස්









Reviews
There are no reviews yet.