Awi Bimaka Giniyama – අවි බිමක ගිනියම
රු1,530.00
” තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හිත් අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. හට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩ බැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබලු බලා සිටියහ. ඒ වහවටද ලුතිතන් අලදෙනිය හින්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව් රශ්මිය හට නිවාසයේ වහල විනිවිද දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝපුල් හින්න්අප්පු තම සීතල සිරුර සහිණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.¨
” මැදියමට ආසන්නවත්ම කොකාවිල් සටනෙහි තීරණාත්මක මොහොතළැඹියේය. ලුතිනත් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතා කරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙවින් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබු සියලු වෙඩි දුව්‍යා ඒ වන විට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමඟ සංඥා මැදිරිය තුළ වූහ. වස් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණ. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වඳින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදින තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවත පිළිබඳ තවත් සීසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.¨







Reviews
There are no reviews yet.