Sangrama – සංග්රාම
රු1,232.50
“වෙඩි තියන්න!” බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් කෑගැසී ය. අප කවුරුත් බිම දිගා වී, අපේ හිස් ආවරණය කර ගත් අතර, බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ වෙඩි මුරය අපට ඉහළින් ඇදී ගියේ ය. බිය නිසා, මගේ මුත්‍ර පහ වේ යයි මට සිතුණි.
සුදානම වන ලෙස අපේ හමුදා නිලධාරියා අපට කෑගැසී ය. මා අවට සිටි සියලු ම සෙබළු, තමන්ගේ තුවක්කු සුදානම් කර ගත්හ. බිම දිගා වී, තුවක්කු බටයක් තුළට වෙඩි බෙහෙත් සහ උණ්ඩ පිරවීම අපහසු වුවත්, මම ද මගේ තුවක්කුව සුදානම් කර ගත්තෙමි.
බ්‍රිතාන්‍ය සෙබළු, අප වෙත වෙඩි වර්ෂාවක් එල්ල කළහ. එක වර උණ්ඩ රැසක් විසිරෙන වෙඩි ද ඊට ඇතුළත් විය. කාලතුවක්කු වෙඩි, අහස තුළින් ඇදී ගියේ ධූමකේතු මෙනි.
“ටෙඩි තියන්න!” අපේ හමුදා නිලධාරියා කෑගැසී ය. ඒ අනුව වෙඩි තැබූ වහාම. තුවක්කු නැවත සුදානම් කර ගැනීම සඳහා යළිත් බිම දිගා වීමු.
බ්‍රිතාන්‍ය සෙබළු අපට වඩා ඉක්මනින් වෙඩි තැබූහ. ඔවුන් පේළි දෙකක් වශයෙන් සකස් වී, ඉදිරි පේළිය වෙඩි තබන අතර, පසුපස පේළිය තුවක්කු සූදානම කළහ. පසුපස පේළිය වෙඩි තබන විට, ඉදිරි පේළිය දණ ගසා ගෙන තුවක්කු සුදානම් කළහ. තුවක්කුවල වෙඩි හඬ ද, තුවක්කු බට වලින් නිකුත් වූ දීප්තිමත් ආලෝකය ද සමග වෙඩි උණ්ඩ පොළොවෙහිත්, අප අවට වැටෙහිත් වදින ශබ්දය ද පැතිරිණි.









Reviews
There are no reviews yet.