Keheli.lk

20% OFF

Yuda gini niwu sith gini-යුද ගිනි නිවු සිත් ගිනි

රු1,592.00

එම යුග පුරුෂයන් දෙදෙනාම උපත ලැබුවේ එකම දිනකය. එක්සත් ලෝකයේ ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකය. ඒබල් රොස් ස්නොවිස්කි පෝලන්තයෙහි දිළින්දෙකු සේ ඉපිද අනේක දුක් ගැහැට විඳ, ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ජීවිතය ජය ගනියි. විලියම් ලොවෙල් කේන් ධන කුවේරයෙකුගේ පුතෙකු ලෙස ඇමරිකාවේ ඉපිද තම ඉලක්කය කරා යාමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරයි.

ඔවුහු දෙදෙනාම අධිෂ්ඨානශීලී වෙති. සිය අරමුණු කරා යන විට එල්ල වන අභියෝග වලට හොසැලී මුහුණ දී ජය ගනිති. එකී අභියෝගයන් හේතු කොට ගෙන මේ දෙදෙනා අතර ගැටුම් ඇති වෙයි. මඳක් නැවතී එකිනෙකාට සවන් යොමන්නට තරම් එක් අයෙකු හෝ නම්‍යශීලී නොවෙයි. එකි නෙකාට කෲර ලෙස සලකයි.

මේ දෙදෙනාගේ දෙවන පරපුර ආදරය, ප්‍රේමය හා අනෙන්‍යොන්‍ය අවබෝධය හමුවේ අනෙකුත් භෞතික සම්පත් කැප කරති. එම නිසා සතුටින් ජීවත් වෙති.

ඒ බල් හා කේන් යන දෙදෙනාම මෙලොව ජීවත් වූයේ වසර 60ක් පමණ වූ කෙටි කාලයකි. එතුවක් කල් වරින් වර ප්‍රතිවාදියාගේ ඉල්ලීමට සවන් යොමින්නට දෙදෙනාම අකමැති වූහ. එසේ සවන් යොමා මදක් නැවතී සිතා බැලුවේ නම් කෙතරම් අගනේද

Reviews

There are no reviews yet.

Be the first to review “Yuda gini niwu sith gini-යුද ගිනි නිවු සිත් ගිනි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat