Keheli.lk

15% OFF

Monara wilapaya – මොනර විලාපය

රු1,275.00

ආවෙ ඔයාට ලක්ෂ විසි පහක ඔෆර් එකක් අරන්…”ඒ හඬ පෙරට වඩා පහත් ය. නමුත් තියුණු ය.
“ඒ කියන්නෙ කෝටි කාලක්.’
ඒ කතාවට තරුණියගේ උගුර කට වේලී ගියේ තමා එවර මොන උගුලකට හසු වෙන්න යනවාදැයි සිතාගත නොහැකිව ය. මොවුන් කෝටි කාලක් නිකමට පුද දෙන්නේ නැත. ඒ වෙනුවෙන් තමාට කෝටි ගණනක දෙයක් කර දීමට සිදු වෙතැයි ඇය මේ ගෙවුණු පැය කිහිපයට අවබෝධ කරගෙන උන්නා ය. “නහයට උඩින් වතුර ගිය එකාට ඔළුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි. තේරෙනවනෙ මං කියන දේ. දැන් ඔයා කොහොමටත් ගිලිලා ඉවරයි කෙල්ලෙ. මෙතනින් ගොඩ එනවද නැත්තං පවුලෙ අනිත් අයවත් ගිල්ලවගෙන මැරෙනවද කියලා ඔයාම තීරණේ කරන්න. ”
“තව දෙයක්… ඔයා මගේ තීරණේට පිටින් යනවා කියන්නෙ…” ඉතිරිය නොකී මිනිසා තමා අත වූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ තිරය එහා මෙහා කර එහි වූ සුවිශේෂී ඡායාරූප කිහිපයක් තිරය මතට ගත්තේය. ” බලන්නකො…”
ඔහු දුරකථන තිරය තරුණිය වෙත පෑවේ මද සිනාවක් සමගිනි.
“අහ්…”
ෂෙනන් ඇඟිලි තුඩින් එහා මෙහා කර පෙන්වූ ඡායාරූප දෙස බැලූ නිමල්කාගේ
හුස්ම හිරව නොගියා පමණි.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Monara wilapaya – මොනර විලාපය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat