Kalathraye saranni- කාලත්‍රයේ සරන්නී
රු1,275.00
.
ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව තිබූ යුගයේදී. එහි ප්රාන්තයන්හි පරිපාලන කටයුතු භාරව සිටි සම්භාවනීය මහරාජාවරුන්ගේ අතිරමණීය සහ සුඛෝපභෝගීත්වයෙන් අනූත වූ මාළිගාවන්ද, දෛවෝපගතව එහිම කොටසක් බවට පත්වන අනාහිතා වවාන්ගේ සුවිශේෂ වූ ජීවිතයද පිළිබඳව කියැවෙන මේ කතා පුවත, 1911 සිට වර්තමානය දක්වා පරම්පරා හතරක් ඔස්සේ ගලායන්නේ පාඨකයා, කුතුහලයෙන් හා විචිත්‍රත්වයෙන් පිරි ලොවක් වෙත කැඳවමිනි ….
බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියානු සංස්කෘතික පසුබිමෙහි, උසස් ලෙස සැලකෙන උපතක් ඇති නමුදු දිලිඳු බව නිසා අසරණ වූ එකොලොස් වියැති දැරියක වන අනාභිතා, ඇයට අහම්බෙන් මුනගැසෙන, ඉන්දිරා, ඉතා ධනවත් ඉන්දියානු මහරාජාවරයෙකුගේ වරප්‍රසාද ලත්, හිතුවක්කාර දියණිය වන සමවයසැති දැරිය සමග ජීවිත කාලය පුරා දිවෙන දැඩි මිතුරුදමක් ගොඩනගා ගනී. ඒ ඔස්සේ ඉන්දිරා කුමරියගේ නිල සහායිකාව බවට පත්වන ඇයට, තම මිතුරිය සමග නේවාසික පාසලක ඉගෙනීම සඳහා එංගලන්තයට පමිණීමේ අවස්ථාව හිමි වේ. ප්‍රෞඪත්වයෙන් අනූන වූ ගම්බද ඉංග්‍රීසි රදළ පවුලකට අයත්, ඇඩ්බරි වතුයායේ උරුමක්කාරයා වනමුත්, ඉතා සරල පුද්ගලයෙකු වන ඩොනල්ඩ් ඇඩ්බරි ඇයට මුනගැසෙන්නේ, පළමු ලෝක මහා යුද්ධය ඇරඹීමට ඉතා ආසත්ව තිබූ ඒ දිනයන්හිදීය. තරුණ ඇම්බරිට වඩා සම්පූර්ණයෙන් වෙනස්, අහංකාර වූ දැඩි ගතිගුණැති ගැහැනියක වන ඔහුගේ මව, මෝඩ් ඇඩ්බරි මේ සියලු ජීවිත පාලනය කරන අදිසි බලවේගය බවට පත්වන්නීය.
වසර අනූවකට පසුව, නොඅනුමානවම හොලිවුඩ් හි වඩාත්ම දිදුලන චිත්‍රපට තාරකාව වන රෙබෙකා බ්රැඩ්ලි, දැන් තම හුරු පුරුදු දීප්තිය වියැකී ගිය, ඇඩ්බරි මන්දිරයට පැමිණෙ
න්නේ, විසිවන සියවසේ මුල් යුගයේ කතාවක් රැගත් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑම සඳහාය. ඈ හා සමානවම ජනප්‍රිය නළුවෙකු වන තම පෙම්වතා සමග පවත්නා පීඩාකාරි වූ සම්බන්ධය, යම් කඩඉමකට පැමිණ ඇති මේ මොහොතේ, තමාට දැඩි හිරිහැරයක්ව ඇති මාධ්‍යයන්හි බැල්මෙන් තොරව, ඩාල්මුවර්හි ගම්බද පෙදෙසක ගතකරන්නට ලැබීම රෙබෙකාට මහත් අස්වැසුමක් ගෙනදෙයි. චිත්‍රපට රූගත කිරීම ඇරඹී කිහිප දිනක් ගතවද්දී අනපේක්ෂිතව එහි පැමිණෙන අමුත්තෙකු ඈට මුනගැසේ. ඒ, තම පවුලේ අතීතයේ, නොවිසඳුන රහසක තොරතුරු සොයාගෙන, ඉන්දියාවෙන් පැමිණි අරි මලික්, අනාභිතා චවාන්ගේ මී මුණුපුරා ය.
ඔහුත්, රෙබෙකාත් එක්ව සොයාගන්නා දේ තුළ, ඇඩ්බරි මන්දිරයේ පදනම දෙදරා යාමට තරම් ප්‍රබල වූද, සියවසකට ආසන්න කාලයක් තිස්සේ සැගව තිබනා වූද, අඳුරු රහසක් නිරාවරණය වීමට මඟ පාදයි.
Out of stock










Reviews
There are no reviews yet.