Keheli.lk

20% OFF

Glasera-ග්ලැසේරා

රු1,200.00

එය දැන් ඇසෙන්නේ තමන්ට පිටුපසින් ඉතාමත් ආසන්නයේය. බස් රථයේ වූ කහ පැහැ විදුලි බුබුළු නිවී ගියේය. අනුදැනුමින් තොරවම ඔහුගේ උදරයේ මාංශ පේශි හැකිළෙන්නට ව්ය. හදවත කඩාගෙන එළියට පනින්නට තරම් වේගයෙන් ගැහෙන්නට විය. ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීම් වේගයෙන් සිදු විය. පෙණහලූ සංකෝචනය වන හා ඉහිල් වන ව්ට ඇති වන පීඩනය ප්‍රබලව ප්‍රථම වතාවට ඔහුට දැනෙන්නට විය.
ඔහු වහාම පිටුපසට හැරී තම අතේ තිබූ ජංගම දුරකථනයේ ආලෝකයෙන් බස් රථයේ පිටුපස පරීක්ෂා කළේය. නමුත් එහි කිසිවෙකු හෝ කිසිවක් නොවීය. ගීතයේ හඬ නතර වී තිබුණි. නමුත් ඔහු පිටුපස අසුනේ යම්කිසි කුඩා චලනයක් දුටුවේය. එනිසාම ඔහු පියවරක් ඉදිරියට තැබුවේය; නැවත තවත් පියවරක් ඉදිරියට තැබුවේය.කිසිවක් නැත…
ඔහු මදක් ඒ දෙසට නැවුණේය; දුරකථනයේ ආලෝකය ආසනවලින් පහළට එල්ල කළේය. කුමක් හෝ සුදු පැහැති ඡායාවක් එකවරම පහළ සිට ආසනය මතට ගමන් කරනවා වැනි දර්ශනයක් දුටු ඔහු කලබලයට මෙන්ම බියට පත්ව වහාම නැඟිට්ටේය. එම ආසනය දෙසට ආලෝකය නිකුත් කරමින් වේගයෙන් ඒ වෙත ළං වූ ඔහු පසුපසම ආසනයේ වම දකුණ දෙදිශාවටම ආලෝක ධාරා නිකුත් කරමින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළේය…නමුත් කිසිම දෙයක් එහි නැත.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Glasera-ග්ලැසේරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat