Kadupul Mal – කඩුපුල් මල්
රු630.00
ආලින්දය වට කළ ගරාදි වැටට හේත්තු වී ප්රසාදිනී මල් වැටිය දෙස බලා සිටී. මුහුණ පුරා ඇත්තේ නො සංසුන් පෙනුමකි.
මල් වැටියේ ඇති, දිග පත්ර සහිත කඩුපුල් මල් පඳුරට විදිලි ආලෝකය වැටී තිබේ. පෙර දින මැදියම් රැයේ පිපී උදෑසන පරව ගිය කඩුපුල් මල් දෙකක් පහතට නමා වැටී ඇත.
විදුල සමඟ මෙරායා ද ආලින්දයට ආවාය.
“බලන්නකො මැණිකෙ… දන්නෙම නැතුව ඊයෙ රාත්තිරියෙ පිපිච්චි කඩුපුල් මල් දෙකක් උදේ බලනකොට පරවෙලත් ඉවරයි. පිපිච්චි කඩුපුල් මලක් දකින්න මං ආසාවෙ හිටිය. මං කවදාවත් දැකල නෑ…දෑත් ළැම මත පටලවාගන සිටි ප්රසාදිනී දිග සුසුමක් පහ කරන ගමන් හොරැහින් මෙරායා දෙස බැලුවාය.
“ඕව රෑ පහළොස් පැයට පිපිල ඉර පායනකොට පරවෙලත් ඉවරයි”
මෙරායා යළිත් මැසිවිලි නඟයි.
“එහෙම තමයි නැන්දෙ… අපේ ජීවිතත් හරියට කඩුපුල් මල් වගෙ තමා…” යි කියන ගමන් පුතුගෙ අත අල්ලාගත් ප්රසාදිනී ගෙට හැරුණාය.
වින්දනගේ මෝටරියේ ආලෝක ධාරාව ආලින්දයට පැතිරෙනු දැක විදුල මවගේ ග්රහණයෙන් අත මුදා ගත්තේය.
ප්රසාදිනී කර බාගෙන ගෙතුළට ගියාය.









Reviews
There are no reviews yet.