Tell Me-ටෙල් මී
රු1,584.00
” ඔයා ඒක සෝෂල් මිඩියා දාන්නෙ තේ තේද?” ජෝර්ඩන් ඇසුවේය.
” සමහරවිට මං එහෙම කරයි. අපට සෙල් සර්විස් එක ලැබුනාම.”
” ඒක හොඳ දෙයක් නෙවෙයි. ඩීඩ්‍රා.”
” හැමෝම එහෙම දේවල් කරනවා.”
” ඒත් අපි එහෙම කරන්නෙ නෑ. අපි ඒ වගේ ජරා වැඩ කරන්නේ නෑ.
ජෝර්ඩන් කඳවුරු භූමියෙන් ඉවතට ඇවිද යන්නට පටන් ගත්තේය. “අපි මේ මගුලෙන් ඈත් වෙමු.
“මම මගේ විඩීයෝව පෝස්ට් කළා!” ඩීඩ්‍රා කීවාය.
ඈ පිළිබඳව තැකීමක් නොකළ ජෝර්ඩන්ගේ ඇඟිල්ල 911 ඇමතීමට සුදානමින් දුරකතන තිරය මත රැඳී තිබිණ. පෙර ඇසුණු හඬට සමාන තවත් හඬකින් ජෝර්ඩන්ට බාධා කෙරිණ.
“ඒයි. යාළුවා.” ජෝර්ඩන් පැමිණෙමින් සිටි පුද්ගලයින් ඇමතුවේය. ” ඔහේලා මොනවා කළත්, ඔය පැත්තට නම් යන්න එපා. අපට මිනියක් හම්බ වුණා. ඔහු තමත් පැමිණි මාර්ගය දෙසට අත දිගු කළේය.
මිනිසා සිතාසුණේය. ” ඔත්තුවට ස්තූතියි.”
ඒ සමඟම තුවක්කුවක් මතුවිය. තමත් පලා ආ අනතුර මෙය බව ජෝර්ඩන්ට වැටහුණි. ඔවුන් කෙළින්ම පැමිණ ඇත්තේ අනතුරු වෙතය…








Reviews
There are no reviews yet.