Soduru Danawwa – සොඳුරු දනව්ව
රු675.00
හිටපංකො ගෞරව කරන්න.” කී කොණඩකාරයා අතක උසසාටගෙන ඇල්බට් දෙසට පැන්නේ ය. හැඩි දැඩි පුරුෂයෙකු වූ ඇල්බට් ඉදිරියට ඔහුගේ කොණ්ඩයෙන් අල්ලා වැරෙන් තලල්ලු කළේ ය. කොණ්ඩකාරයෝ ට වී ගොස් වැවට වැටුණේ ය. ඇල්බට් ඈත සිටි පිරිසට සංඥාවක දුනනේ ය. පිරිස දිවගෙන ආහ. ළමයි ද පිටුපසින් ආහ. ඇතැමෙකුගේ අත්වල පාර අසලින් ඇහිඳගත් දර කැලි තිබිණ. ඒ අතර රැවුල්කාරයා ඉදිරියට පැන දකුණු පය එසවීමට සූදානම් වුව ද පිරිස දැක පසුබැස්සේ ය.
“කමල් පුතා කියෙව්වේ නොම්බර එකේ කතාවක්නෙ.¨ ඇල්බට් කීවේ ය.
“නාට්‍යයකට නියමයි.” නිරෝෂන් කීවේ ය.
“හැබෑට අපි කට්ටිය එකතුවෙලා හොඳ නාට්‍යයක් කරමුකො.” අජිත් කීවේය.
“මමයි රජ්ජුරුවො.¨ ඇල්බට් අතක් ඉස්සුවේ ය. “වික්ටරු යි රබටු යි ඇමතියො.
අනේ මට නං ඔය ටීටර්වල නටන්න බෑ.” ඊබට් කීවේ ය.
” මටත් බෑ. ජීවිත්තේට ඕවයෙ නටලත් නෑ.” වික්ටර් කීවේ ය.
“නටන්න මාමල නැට්ටුවො යැ.” කමල්ගේ කතාවට බොහෝ දෙනෙක් කොක් හඬ නැගුහ.
“මදෑ මාත් රජ වෙන්න බලාගෙන හිටිය. එහෙනං මං නටන කොට උඹල බෙර ගහපල්ල. හැබැයි පුතෝ, වෙන කවුරු හරි අල්ලගෙන මං රජ වෙනව.”
Reviews
There are no reviews yet.