Keheli.lk

20% OFF

Sithe Ketunu Dewanagara – සිතේ කෙටුණු දේවනාගර

රු960.00

සුමිත්ගේ පියා බිහිසුණු යුද අත්දැකීමෙන් මානසික පීඩාවට පත් හමුදා නිලධාරියෙකි. තමා විසින් මරා දැමුණු කොටියෙකු තමා මරා දැමීමට දරුවෙකුව උපත ලබා ඇතැයි ඔහුගේ සිතට විසක් පෙවේ.

පුන් සුමිත් ළදරු වියේ සිට ම ‘සන්නැයිට්’ සබන් කාලේ කෑල්ලට රුචිය. ඔහු එම පාට දෑ සොරාගනී. පරාජිත හැඟුම් ඔහු කෝප ගන්වයි.

සෙසු ළමා සිත් සේ සුමින් කියවාගත නොහැක්කේ ඔහුගේ චින්තාව සිතේ කෙටි ඇත්තේ දේවනාගර අකුරෙන් හෙයිනැයි නිරූපමාගේ නැන්දණිය කියයි.

සුමින් නොමැති නම් තමාට නිරූපමා හා එක් ව විවාහ දිවිය ගෙවිය හැකියැයි පවසමින් හමුදා සැමියා නිරූපමා හා නිතර කලහ කරගනී.

සුමිත්ගේ මව නිරූපමා- ඔහුගේ පියා ගෙන් දරුවා රැක, හදා වඩා ගැනුම සඳහා රැකියාවෙන් ඉවත් ව විසල් ගෙයක පුත් හා හුදකලා දිවියක් ගෙවයි.

එක් රැයක නිරූපමා ඝාතනය කෙරේ.

සුමින්ගේ පියා මෙන් ම සුමින් ද ඊට සැකකරුවන් වේ. තීරණාත්මක අවස්ථාවෙක දී සුමිත්ගේ විඤ්ඤාණය – සිතේ කෙටුණු දේවනාගර – ක්‍රියාකරන්නේ හයි ඔහුගේ ගුරුතුමිය කියයි.

සැබෑ මිනීමරුවා සොයා ගනුයේ පොලිසිය ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Sithe Ketunu Dewanagara – සිතේ කෙටුණු දේවනාගර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat