Keheli.lk

10% OFF

Sini Murukku – සීනි මුරුක්කු

රු1,080.00

කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්‍ය රූප මැවිල්ලත් දක්වා දුර දිගෑදි ගිය කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බුහුටිභාවය සිහි මුරුක්කු සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්‍රබන්ධ සාහිත්‍ය වපසරියේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්‍යය අඩංගුවකින් යුක්තව සහෘදගත වන්නට ඊට හැකි වන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්‍රමිකව රිංගා ඇතුළුවන තිගස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්‍යය අඩංගුව හන්දා ය.

ගැඹුරු කෙටිකතා කරුවෙක් නම් තමන් දෛනිකව අත්විඳින සමාජ ජීවිතය අපසාරී මෙන් ම ව්‍යුක්ත වීමට සමාන්තරව, ස්වකීය අභ්‍යන්තර ජීවිතය විසින් ගොඩ නැගෙන ආත්මීයත්වය හරහා අභිසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්තයන් වෙත පර්යාලෝකය එල්ල කරලන්නට නිර්මාණාත්මක ශ්‍රමය වැගිරිය යුතු ය.

එය ප්‍රතිභාව පිළිබඳ කාරණාවක් නොවේ. එමෙන්ම එය කතිකාව පිළිබඳ කාරණාවක් ද නොවේ. එ මෙන් ම එය හුදු භාෂා ගොඩනැංවීමක් ද නො වන්නේ ය. එය ජීවිතය පිළිබඳ කාරණයකි. නිර්මාණකරුවෙක් නම් අතිශය පළල් ගැඹුරු ජීවිතයක් අත්වින්ද යුතු ය. මේ ලියන්නා එබන්දෙක් ය.

“සීනි මුරුක්කු” ඇතුළු විසි වැදෑරුම් ගොඩනැගීම් හරහා මේ කෙටිකතාකාර හිතුවක්කාර තරුණයා සහෘදයන්ට අභිමුඛ වන්නේ තමන් සතු භෞතික හා ආධ්‍යාත්මික ජීවිතයේ දිග පළල අවධාරණය කරමින් ය!

Reviews

There are no reviews yet.

Be the first to review “Sini Murukku – සීනි මුරුක්කු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat