Keheli.lk

20% OFF

Sakwala pema-සක්වළ පෙම

රු600.00

ආරක්ෂක කුටිය වෙත යොමුවූ ද්වාරය පුපුරා ඇතුළට විසිවී ආවේ නීල වර්ණ ප්ලාස්මා සහ කෘතිම ලෝහ උණුවී යන දුමාරත් සමඟය. ලතෝනි නැගුණි. වෙඩි හඬ ඇසුණි. රැකවල් ලූ පිටසක්වලයින්, ඔවුන්ගේ මුහුණු වැසූ ආවරක පසුපස සැඟවුණු මුවවල් වලින්, විවිධ විධානයන් හඬ තලනු ද, ඇතැමුන් මරහඬ තලනු ද ඇසුණි. මම නැගිට වටපිට බැලූයෙමි.

 

දුමාරය අතරින් මා දෙසට පා තබා ආවේ, සෙරාෆි ය. ඇගේ ඇස් ද්විත්ව සඳවල් වලට වඩා දීප්තිමත්ව දැල්වී තිබුණි. ඇගේ සෑම අතකම ප්‍රහාරකයක් වූයේය. ඇය සිය සිරුර හඳුනාගත නොහැකි වන සේ, ශ්වේත රන්වන් ශරීරාවරකයක් පැළැඳ සිටියාය. “කායෙල්” ඕ කෑගැසුවාය.

 

කම්පන දණ්ඩක් අතැතිව ඇය දෙසට ආරක්ෂකයෙක් දිව ආවේය. ඇය හැරේ, පහත් වී එම ප්‍රහාරය මඟ හැරීයාය. එහෙත් එම මොහොතේම ඇගේ වැලමිට ඉහළට ජව ගන්වමින් ආරක්ෂකයාගේ උගුරු දණ්ඩ ඕ තලා දැම්මාය. හේ නිහඬවම බිමට කඩා හැලුණේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Sakwala pema-සක්වළ පෙම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat