Keheli.lk

20% OFF

Saba Lakdiwa – සැබෑ ලක්දිව

රු960.00

බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද්‍රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද්‍රණයේ දී පිටපත් 2,000 ක් ප්‍රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද්‍රණයේ දී පිටපත් 5,000ක් ප්‍රකාශයට පත් කරන ලදී. 1938 දී කළ තෙවන මුද්‍රණයේ දී පිටපත් 10,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම මුද්‍රණ තොරතුරු ආශ්‍රයෙන් පවා මෙකී කෘතිය කෙතරම් නම් පාඨකයන් අතරේ එකල ජනප්‍රිය වී ඇත්දැයි පෙනේ. මෙම කෘතියේ පරිච්ඡේද දහඅටක් ඇති අතර, මෙරට බොහෝ වැදගත් කාරණා කාරණා එකී පරිච්ඡේද තුළ ආවරණය කරයි. තව ද වෙනත් යටත් විජිත කෘති තුළ සඳහන් නො වන සිද්ධීන් මේ කෘතියේ සඳහන් වේ. ඉන් එක් සුවිශේෂ කාරණාවක් වශයෙන් 15 වන සියවසේ දී ලංකාවේ රජු හා චීන රජු අතර තිබූ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය සඳහන් කළ හැකි වේ. මෙයාකාරයට මෙම කෘතිය තුළ පරිසරය, සොබා දහම හා වන සිව්පාවුන්ට අමතර ව ආගම බඳු ආත්මීය ධාරාවන් පිළිබඳ පාඨකයාගේ අවධානය යොමු කරවයි. එබැවින් මෙය අපූර්ව කෘතියකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Saba Lakdiwa – සැබෑ ලක්දිව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat