Premakeerthi Gathanaye Sulamula – ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල
රු1,080.00
හදවත නතර වූවා සේ දැනිණි. දෑස් නිලංකාර විය. එම පුවතදැනුණේ හදවතටය. ඇසුණේ ද හදවතටය. පුවත වූයේ 1989 ජුලි 31 ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනයයි.
ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 සිට 1990 දක්වා පැවැති අතර එහි අරමුණ වූයේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකර ගැනීමේ උපාය මාර්ගික ගමන් මඟ අනුව යමින් එය ක්‍රියාවට නැගීමය. ඒ අනුව කැරැල්ලේ කටයුතු වලට එරෙහි වන්නන් සතුරන් සේ සලකා සමාජයෙන් ‘ ඉවත් කිරීම ද ‘ සිදු විය.
කැරැලිකරුවන් විසින් ජන ජීවිතයට අතිශය හානිකර යැයි කියමින් ලේක්හවුස් සහ ඇත්ත පුවත්පත් 1988 මැයි 20 සිට තහනම් කරන ලදී. එය නොතකා පත්තර විකුණු සහ බෙදාහැරි පුද්ගලයන් 28 ක් රට පුරා ඝාතනය කෙරිණි. එමෙන් ම රජයේ රූපවාහිනි නැරඹූ සහ ගුවන් විදුලිය ඇසූ පුද්ගලයන් 219 ක් ඝාතනය කර තිබිණි. ඒ අනුව රජයේ ගුවන් විදුලි සහ රූපවාහිනි 1989 ජූලි 07 සිට හමුදා පාලනය යටතට ගැනීමට ආණ්ඩුව තීරණය කළේය.
Reviews
There are no reviews yet.