Keheli.lk

10% OFF

Pipa Fits – Amoibige Ghathana Lipigonuwa 02 – පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව 02

Original price was: රු2,450.00.Current price is: රු2,205.00.

පිපා ෆිට්ස්- ඇමොයිබ් යනු තවදුරටත් රහස් පරීක්ෂකවරියක් නෙවේ.
පසුගිය වසරේ මුළු නගරයම කැලඹු ඒ ඝාතන අබිරහස විසඳීමෙන් පසු, පිප් සිය රහස් පරීක්ෂක භූමිකාවට සදහටම සමුදුන්නාය. ර්වී සිංග් සමඟ එක්ව ඇය ඒ ගැන නිර්මාණය කළ සත්‍ය අපරාධ පොඩ්කාස්ට් වැඩසටහන මේ වන විටත් අතිශය ජනප්‍රිය වී හමාරය.

එපමණක්ද නොව, තමා යළි කිසි දිනෙක අපරාධ පරීක්ෂණ පසුපස හඹා නොයන බවට ඇය තමාටම තරයේ පොරොන්දු වී සිටියාය.
නමුත්, ඇයට ඒ පොරොන්දුව කඩකිරීමට සිදුවෙයි.
පිප්ට ඉතා සමීප, ඇය හොඳින්ම දන්නා හඳුනන කෙනෙකු හදිසියේම අතුරුදන්වීමත් සමඟ, ඇය යළිත් වරක් ලිට්ල් කිල්ටන් නගරයේ සැඟවුණු අඳුරු රහස් හඹා යෑම අරඹයි.
ඔර්ලෝසුවේ කටු වේගයෙන් කරකැවෙමින් තිබේ.

මෙවර මුළු ලෝකයක්ම ඇගේ පරීක්ෂණයට සවන් දෙමින් සිටී.
මේ අතුරුදන් වූ, පිප්ගේ ‘සමීපතමයා ‘ කවරෙක්ද?
පිප්ගේ වැඩසටහනට සවන් දෙන දහස් ගණනක් මිනිසුන් අතර, ඔහුව අතුරුදන් කළ අපරාධකරුවාද සැඟවී සිටිය හැකිද?
සත්‍යය වෙනුවෙන් සටන් වදින මේ යහපත් දැරියට’, අවසානයේදී ගෙවන්නට සිදුවන වන්දිය කුමක් වනු ඇතිද?
මාරාන්තික රහස් එකින් එක දිගහැරෙද්දී, සැබැවින්ම හොඳ සහ නරක වෙන්කරන සීමාව කෙමෙන් බොඳ වී යනු ඇතිද?

Reviews

There are no reviews yet.

Be the first to review “Pipa Fits – Amoibige Ghathana Lipigonuwa 02 – පිපා ෆිට්ස් – ඇමොයිබිගේ ඝාතන ලිපිගොනුව 02”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart