Neth sith gath than-නෙත් සිත් ගත් තැන්
රු240.00
වර්තමානයේ ඇති පහසුකම් නිසා කෙනෙකු වයස් ගත වුව ද යානවාහන මාර්ගයෙන් සංචාරයෙහි යෙදිය හැකි ය. එහෙත්, මෙයට සියවසකට පමණ පෙර එසේ කළ නොහැකි වූයේ ය. සංචාරය සඳහා හයිය හක්තියත් තරුණකමත් තිබිය යුතු විය. හියුංසියෑං, ෆාහියන්, මාර්කෝස්පොලෝ, ඉබන්බතූතා වැනි අය සංචාරයෙහි යෙදුණේ ඔවුන් තුළ පැවැති දඩබ්බරකමත්, ආසාවත්, කුතූහලයත් නිසා ය. සමහර විට ඉහතින් සඳහන් ලේඛකයන් විසින් තරුණ වියේ දී තමන් ලැබූ අත්දැකීම් ලියන ලද්දේ මැදිවියත් ගෙවී ගිය පසුව ය. මාර්කෝපෝලෝගේ ගමන් විස්තරය එවැන්නකි.
වසර පනහකට වැඩි කාලයක් මහාද්වීප තුනක, ප්‍රධාන නගර කිහිපයක මම දිවි ගෙවා ඇත්තෙමි. එම කාලය මා ගත කළේ අධ්‍යයන හා අධ්‍යාපන කාර්යයන්හි නියැළෙමිනි. වී අතරතුර මා ලද විවේකවල දී ය, මට සංචාරණයට අවස්ථාව සලසා ගත හැකි වූයේ. එම කාලවකවානු තූළ විවිධ හා විචිත්‍ර ස්ථානවලට යෑමටත් ඒවා දැක බලාගන්නටත් අවස්ථාව ලදිමි. එහෙත් මෙම කෘතියෙහි මා ඇතූළත් කොට ඇත්තේ එම ගමන්වල දී වඩාත්ම මා නෙත්, සිත් ගත් තැන් සහ දේවල් කිහිපයක් පමණකි.







Reviews
There are no reviews yet.