Lakdiwa Uthurukaraye Sath Wasak – ලක්දිව උතුරුකරයේ සත් වසක්
රු1,200.00
ලංකාවේ උතුරුකරයේ සත් අවුරුද්දක් Seven Years in Ceylon මේරි හා මාර්ගටි ඩබ්ලිව් ලිව් සොහොයුරියන් විසින් මිෂනාරීවයන් ලෙසට ලංකාවේ යාපනය ප්‍රදේශයේ පිවත්ව සිටි වසර හතක් තුළ 1390 -1896) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන ලද කෘතියකි. මෙය පරිච්ජේද කිහිපයකට බෙදා ඇති අතර, ඒ සෑම එකකින්ම එහිදී තමා ලැබූ අත්දැකීමි පිළිබඳ විවිධාකාර වූ කථාන්දර මේරි ලීව් විසින් ඉතා ආකර්ෂණීය අයුරින් පවසා ඇත. මෙම කෘතියෙන් 19 වන සියවසේ අග භාගයේදී ලංකාවේ උතුරුකරයේ වසන මිෂනාරීවරයෙකුගේ ජීවිතය පිළිබඳ සිත් ඇදගන්නා සුළු වාර්තාවක් සපයයි. ඔවුනට එහිදී මුහුණ පෑමට සිදුවෙන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම් සහ නව පරිසරයකට අනුවර්තනය වීමේ දුෂ්කරතා වැනි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලෙසට ඇය මුහුණ දුන් අභියෝග පිළිබඳව මේරි ලීව් මෙහි සඳහන් කොට ඇත.
ඇය යාපනයේ ප්‍රදේශ වාසීන්, වෙනත් මිෂනාරිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළුව ඇය රැඳී සිටි කාලය තුළ ඇයට හමු වූ පුද්ගලයින් පිළිබඳව දිගු විස්තර සපයා තිබේ. එසේම මෙහි දී ඇය තමන් ප්‍රචාරය කළ ආගම පිළිබඳව පමණක් නොව, මුල් වරට යාපනයේ ගැහැනු දරුවන් හට ලබා දුන් අධ්‍යාපනය, නේවාසික පාසැල්, සෞඛ්‍යය සහ සමාජීය ප්‍රශ්න ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. ප්‍රදේශවාසීන්ගේ කියවීම හා ලිවීමේ හැකියාව දියුණු කිරීම සඳහා නව පාසැල් විවෘත කිරීම මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමත් පුළුල් කරමින් ඔවුන් විසින් කළ මිෂනාරී සේවය ගැන මේරි ලිච් තබා ඇත්තේ දීර්ඝ වාර්තාවකි.
එසේම ඒ යුගයේ දිවයිනේ වෙසෙන සාමකාමී ජනතාව කෙරෙහි අයුතු ආකාරයෙන් බල පවත්නා යටත්විජිතවාදය ගැන ඇය බලවත් සේ කනස්සල්ලට පත් වී ඇත. බ්‍රිතාන්‍ය රජය තම ආදායම් තර කොට ගැනීමේ අරමුණ පෙරදැරි කොටගෙන ව්‍යාප්ත කරන ලද තැබැරුම් හේතුවෙන් සාමකාමී ජන ජිවිතය බලවත් සේ ව්‍යසනයක් කරා ගෙන යන බවට පවසමින් ඇය කෙළින්ම රජය වෙතට දොස් පවරා ඇත්තේ එවකට
Reviews
There are no reviews yet.