kongo – කොංගෝ
Original price was: රු1,980.00.රු1,782.00Current price is: රු1,782.00.
අප්‍රිකානු වන අභ්‍යන්තරයේ සංචාරයක නියැළෙන අටදෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු භූ විද්‍යාඥයෝ පිරිසක් අබිරහස් ලෙස සහ මිලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්වෙති. ඔවුන් මරා දැමුණේ, සින්ජ් හෙවත් ‘අතුරුදන් වූ නගරය’ නමින් පුරාවෘත්ත වල සඳහන් නටබුන් නගරය ආසන්නයේදී විය හැකිය.
භූ විද්‍යාඥයන්ගේ මරණය හා සම්බන්ධ වීඩියෝ දර්ශනයක් නරඹන කැරන් රොස්ට, ඉරීගිය කූඩාරම් සහ මඩෙහි විසිරුණු උපකරණ අතරින් චලනය වන, බොඳ වූ මානව හැඩැති රූපයක් දක්නට ලැබිණ. කොංගෝ ව්‍යාපෘතියට කුමක් සිදු වී දැයි සොයා, අප්‍රිකානු වනාන්තරයට පිවිසීම හැර අන් විකල්පයක් ඇයට ඉන්පසු නොතිබිණ.
‘එමී’ නම් ගෝරිල්ලා ධේනුවක හා පර්යේෂණ කටයුතු වල නියැළෙන පීටර් එලියට්, ඇය විසින් අඳින ලද චිත්‍ර සටහනක පෞරාණික නගරයක සලකුණු දකියි. එම් ඇන්දේ සින්ජ් හෙවත් ‘අතුරුදන් නගරය’ විය හැකිද?
කැරන් රොස්ගේ ප්‍රධානත්වයෙන්ද, පීටර් එලියට්ගේ හා එමීගේ සහභාගිත්වයෙන්ද යුතු නව ගවේෂණ කණ්ඩායමක්, කොංගෝ මහා වනාන්තරයට පිවිසීමට කටයුතු සැකසුණේ ඒ අයුරිනි. ලුහුබැඳ එන මිනිස් සතුරන්ගෙන් ගැලවීමේ ඉඩක් තිබිය හැකි නමුදු, ඔවුන් පිවිසෙන ඒ අද්භූත කර ලෝකයෙන් මිදීමට ඇති එකම මඟ මරණය පමණක්ම විය හැකිය.
මේ බිහිසුණු වෘතාන්තය ඇරඹෙන්නේ එතැන් සිටය





Reviews
There are no reviews yet.