පන තියන බෝනික්කෝ වගෙ ලස්සන කහම කහපාට කහ කුරුමිට්ටෝ ඉන්නේ ෂෝයි දේශයේ. ලස්සනම ලස්සන ෂෝයි දේශය හරියට සුරංගනා ලෝකයක් වගේ. ඒ රටේ උසම කෙනා තමයි රටේ රජ්ජුරුවෝ.. දන්නවද එයාගෙ උස කීයද කියලා? අඟල් විසි හතරයි. ෂෝයි දේශයේ ඉන්න දේදුණ පාට සමනල්ලු, පාට පාට කුරුල්ලෝ, කහ කුරුමිට්ටන්ගේ ගෙවල්වල අත් උදව්වට ඉන්න පුළු බොළ වගේ හාවෝ.. මේ හැමෝටම කතා කරන්න පුලුවන්. මේ හැමෝම ඉන්නේ හරිම සමගියෙන් සන්තෝෂයෙන්. ෂෝයි දේශයේ දේශ සීමාව තමයි තහනම් කඳු වැටිය… කිසිම කෙනෙක් තහනම් කඳු වැටියෙන් එහාට යන්න හිතන්නෙවත් නෑ.
ඇයි ඒ.. ? ඒක රහසක්,
ඒත් ෂෝයි දේශයේ හිටපු ලස්සනම ලස්සන පුංචි පැටියා රං බබා දවසක් කාටත් රහසින් තහනම් කඳු වැටිය තරණය කරන්න හිතනවා…
ඇයි ඒ..? ඒක රහසක් ….
තවමත් පෙර පාසැල් යන්නෙවත් නැති අඟල් පහක් උස රං බබා යන ගමන, ඒ ගමනෙදි එයාට මුහුන දෙන්න සිදුවෙන පුදුමාකර අත්දැකීම් කොහොම ඇද්ද? ඒ ගමනෙදී රං බබාට හමුවන යෝධයා, මායාකාරයා, පළිඟු රැජිණ, එමා ආච්චි, ඉත්තෑ යාලුවා විතරක් නෙවෙයි කතා කරන ගෙදර. මේ ලස්සන රං බබාට උදව් කරයිද, හතුරුකං කරයිද,
මේ සියලුම දේවල් එකට කැටි කරල ලියවුන “කහ කුරුමිට්ටෝ සහ පළිඟු විලේ මාලිගාව ” පුංචි දරු දැරියන්ව සුරංගනා ලෝකයකට කැඳවාගෙන යන ලස්සනම ලස්සන ළමා නවකතාවක්..









Reviews
There are no reviews yet.