Diwyashinsana 04 – දිව්‍යාශිංසන 04
Original price was: රු2,250.00.රු2,025.00Current price is: රු2,025.00.
වාසනා ගුණයෙන් හෙබියවුන් බියගන්වා, ඔවුන්ගේ භීතියෙන් පෝෂණය වන්නා වූ පිළිකුල් සහගත රාක්ෂයෙකු වන, ‘අතිගරුතර සම්ඵපුලාපක’ ෂිඑ ලියාන්ගේ මිත්‍ර, මාරුතාධිපති ශී චිංෂුවාන් ගොදුරු කරගැනීමේ අරමුණින් ඔහු පසුපස හඹා එන්නට පටන්ගනියි.
තම අත්‍යන්ත දුර්භාග්‍යසම්පන්න ස්වභාවය, මේ රකුසාට එදිරි සන්නාහයක් පරිද්දෙන් තමාව ආරක්ෂා කරන බව දත් ෂිඑ ලියාන්, නොපැකිළිව උපද්‍රවකාරී මංපෙත් අනුගමනය කරනුයේ, හුආ චෙංගේ මහත් සන්ත්‍රාසයටත්, තැතිගැන්මටත් හේතුවෙමිනි.
එහෙත් මේ සියල්ල අතරතුර, චතුර් මහා විපර්යායන්ගෙන් තවත් එක් විපර්යායක්, සැවොම සිතා සිටින තරමට වඩා ඉතා නුදුරෙහි සිටිනු විය හැකිය. එසේම, නිසි තත්ත්ව යටතේදී හුආ චෙං වැනි ඉතා බලගතු අසුරයකුගේ පවා ආත්ම දමනය ගිලිහී යාම සම්භව්‍ය වන්නේය. ඉදින් ස්වකීය සීමා හා වාරණයන්ගේ බැමි සිදීගිය කල්හි, මෙතෙක් නිලීනව පැවැති ආශාවන්ගේ ග්‍රහණයට ඔහු නතු වනු ඇතිද?



Reviews
There are no reviews yet.