Keheli.lk

10% OFF

Bohimiyan Dariyo – බොහීමියන් දැරියෝ

රු855.00

කාව්‍යමය, විප්ලවීය කතාවල තම යොවුන් විය ගෙවා දැමූ දැරියෝ පළමු වරට සිය සැබෑ කතාවේ ශෝචනීය බවට මුහුණ දුන්හ; තේරුම්ගත නොහැකි ආධ්‍යාත්මිකත්වයෙන් කැලතුණහ. ව්‍යායාම කිරීමට ඇති, සමර ගෑ උස් තාප්පයෙන් වට වුණු එළිමහනට වැටෙන හිරු කිරණ පවා, වැහි බිඳුවක් පවා, පියාඹන මී මැස්සකු පවා සිප ගැනීමට සිතෙන තරමට හදවත නොරිස්සුම්සහගත වීමේ රහස ඔවුන්ට නුපුරුදුය.

“ජීවත් වීම ඇතුළෙ තියෙනවා ඒක දාල යන්න බැරි තරම් ලස්සනක්.” “කැරැල්ලක් පටන්ගන්න ඕනෑ ගැම්ම ඒ ඇස්වල තිබුණට, ඒක ඉවර කරන පෙනුම ඒ ඇස්වල තිබ්බෙ නෑ.”

“හිත රිද්දගනිද්දි තමයි දෙයක් ගැන ගැඹුරින් හදාරන්න පුළුවන්.” නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුලුඳුල් අනුරාගයෙන් හා අසීමිත කුතූහලයෙන් ත්‍රිමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත්, මහා ව්‍යසනයක ඇරඹුමත්, එකී විපර්යාසය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ ආධ්‍යාත්ම වෙනස් මඟකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකි. ‘බොහීමියන් දැරියෝ’.

හදවත අභ්‍යන්තරය තදින් වෙළාගන්නා සියුම් ගීතයක් බඳුව දිගහැරෙන මේ අතීත සැමරුම තුළ නිරූපිත හෘද සාක්ෂියක දෝංකාරය හා පශ්චාත්තාපය, ඒ යටින් දිවෙන මිත්‍රත්වයේ මිහිර හා ආනුභාවය මෙම කතාව පුරා විහිදී ඇත්තේ යථාර්ථවාදී හා භාවාත්මක ගෙත්තමක් ලෙසිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bohimiyan Dariyo – බොහීමියන් දැරියෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat