Awwyajathwaye Deshapalanaya Saha Alankarikaya – අව්‍යාජත්වයේ දේශපාලනය සහ අලංකාරිකය
රු1,260.00
ඕනෑම රටක ජන වාර්ගික ජාතිකවාදයෙහි එක් අංගයක් වන්නේ ඒ ජනවර්ගයට අදාළ වූ ‘පවිත්‍ර’, ‘නුමුහුන්’, ‘අසංකර’, ‘සැබෑ’ හෝ ‘අමිශ්‍ර’ හෙවත් අව්‍යාජ ස්වරූපයක් ඇත යන අදහසය. රඹුක්වැල්ල සිංහල ජාතිකවාදය ඇසුරින් පෙන්වා දෙන්නේ එවැනි ‘පරම අව්‍යාජත්වය’ යැයි කියා දෙයක් නොපවතින බවයි.
මනුෂ්‍ය සංස්කෘතියෙහි සැබැවින්ම පවත්නා මිශ්‍රිත භාවය වෙනුවට අමිශ්‍රිත ‘අව්‍යාජත්වය ‘ පිළිබඳ අදහසක්, ඇතැම් අය දේශපාලන බලය සඳහා ප්‍රක්ෂේපණය කරති; තමනුත් ඒ ප්‍රක්ෂේපණයෙන් ආවරණය වෙති. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මේ කාර්යය සිදුවූ සැටි රඹුක්වැල්ල ගවේෂණය කරන්නේ අදාළ චරිත කෙරෙහි ද්වේෂයකින් තොර මැදහත් සිතිනි. මෙහි ප්‍රධාන චරිත වන ධර්මපාල, බණ්ඩාරනායක හෝ අමරසේකර ගැන කතුවරයා හෙළන සහවේදනීය දෘෂ්ටිය මින් පෙර මෙවැනි අධ්‍යයනවල නොදැකිය හැකි තරම්ය. මෙම පොතට මහාචාර්ය ජොනතන් ස්පෙන්සර් ලියන පෙරවදනේ කියවෙන ලෙසම මේ වූ කලි ජාතිකවාදීන්ටත් යමක් උගත හැකි පොතකි.
කවර තරමක උත්ප්‍රාසයක් මැද වුවද මේ ‘අව්‍යාජත්වයේ කතිකාව හා දේශපාලනය’ ඉදිරියට යනු ඇත. එහෙත් අව්‍යාජත්වයේ නාමයෙන් මනුෂ්‍යයන් හා අවශේෂ ස්වාභාවික ලෝකය මත හිංසනය ඇති නොකරන ආකාරයෙන් ඒ කතිකාවට හා දේශපාලනයට අභියෝග කරන විචාරයේ පරීක්ෂාවද නොනැවතී සිදුවිය යුතුය. එහෙයින් මෙය අප කාටත් ආනුභාවය හා ධෛර්යය සපයන පොතකි. එසේම, මෙය සංස්කෘතික අධ්‍යයනය, සාහිත්‍ය විචාරය, ඉතිහාසය, සමාජ විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර වල අයට අත්පොතක් වැන්නකි.
Reviews
There are no reviews yet.