Keheli.lk

10% OFF

As Deka – ඇස් දෙක

රු405.00

සෝමපාල රණතුංගයන් ඇසුරු කිරීමේ
භාග්‍යය මට ලැබුණේ හැටේ දශකයේ මැද භාගයේ දී ය. ඒ වන විට මම හත් අට වරක් ම “ඇස් දෙක” නවකතාව කියවා මත් වී සිටි තරුණයෙක්මි.
බහු ඉතා නිහඬ මිනිසෙකි. ඔහු තුළින් ඒ නිහඬ බව දිස්වූයේ ජීවිතයේ සැබෑ අරුතත්, ගැඹුරත් යථාර්ථවාදී ව තේරුම්ගත් මිනිසකු නිසා බව ටික දිනකින් ම මම තේරුම් ගතිමි. පරම පවිත්‍ර ප්‍රේමයක් මේ ලෝකයේ ඇති බව ඔහු දැඩි ලෙස පිළිගත්තේ ය. එවන් වූ ප්‍රේමය උතුරා යන හදවතක් ඔහු තුළ ඇති බව ද මම දුටුවෙමි.

මගේ පියා ගේ යුගයේ පුවත්පත් කලාවේදියකු වූ ඔහු, නවක ලේඛක පරපුරක් බිහිකිරීම සඳහා අතදීම පුවත්පත් කලාවේදියා ගේ ප්‍රධාන යුතුකම බව ආදර්ශයෙන් ම පෙන්වූවෙකි. දශක හතරකට පෙර දී ඔහු ම මට කියා දුන් ඒ පාඩම අද අද ද මම මහත් සෙනෙහසින් හා භක්තියෙන් සිහිපත් කරමි.

ජනතා පුවත්පතට ඔහු සංස්කරණය කළ කෙටිකතා පිටුව තුළින්, අද නම් දරන ලේඛකයින් විශාල පිරිසක් දේශයට හිමි විය. මේ සොඳුරු
මිනිසා අකාලයේ මිය නොගියේ නම් ප්‍රේමයේ සැබෑ අරුත වටහාගන්නා සංවේදී මිනිසුන් තව තවත් බිහි වන්නට ඉඩ තිබූ බව නිසැක ය.
එසේ වන්නේ ඔහු ගේ ජීවිතය සහ නිර්මාණ තුළින් ය.

-සුනිල් මාධව ප්‍රේමතිලක

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “As Deka – ඇස් දෙක”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat